සහල් හිඟයක් නෑ, හිඟයක් මවා පානවා – කෘෂිකර්ම අමාත්‍ය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් සහල් ව්‍යාපාරිකයින් සහ ගොවීන්ට දැඩි අවවාදාත්මක ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ඒ අනුව කොපමණ සහල් තොග සඟවාගෙන සිටියද, පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීමට ඉඩ ලබා නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මේ වන විට ව්‍යාපාරිකයින් සහ ගොවීන් වී තොග සඟවා තබා ගනිමින් සහල් හිඟයක් මවා පෑමට උත්සහ කරමින් සිටින බවද අමාත්‍යවරයා පවසයි.

මේ පිළිබදව අමාත්‍යවරයා දැක්වූ අදහස් ,

“අපිට සහල් හිඟයක් නැහැ. නමුත් වෙලා තියෙන්නේ තියෙන වී, සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයොත් ගොවීනුත් දන්නවා මේ යල කන්නයේ අස්වැන්න ලැබිලා තියෙන්නේ. මේක මාස පහකට විතර ප්‍රයෝජනයට ගන්න තියෙන නිසා, ගොවීන් වී ගෙවල්වල තියාගෙන ඉන්නවා. ඒ වගේම මෝල්හිමියොත් මේවා මෝල්වල තියා ගන්නවා. ඒ නිසා තමයි මේ පොඩි හිඟයක් මවා පාන්නේ. නමුත් රටට අවශ්‍ය සහල් ප්‍රමාණය.. ඒ කියන්නේ අපි තමුන්නාන්සේලා කන සහල් තියෙනවා. බාස්මති රටින් ගෙන්න වෙයි. කීරි සම්බාවල හිඟයක් යම් ප්‍රමාණයකින් තියෙයි. අනික් සහල් ඇතිවෙන්න ප්‍රමාණවත්ව තියෙනවා. ඒ වගේම කොච්චර හංගගෙන හිටියත් පාලන මිලෙන් එහාට යන්න අපි සාමාන්‍ය මට්ටමේ හාල්වලට ඉඩදනේනේ නැහැ. පාලන මිලට අඩුවෙන් තමයි පවත්වාගෙන යන්නේ.”

පුත්තලම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ පිළිබඳ සදහන් කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...