ගම්මන්පිල දැඟළුවාට අපි කලබල නෑ. පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වලා වාර්තා එළියට දානවා – විජිත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාස්කු ප්‍රහාරය පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකර වගකී සහගත ආණ්ඩුවක් වශයෙන් ඊට අදාළ පියවර ගන්නවා මිස එක් එක් පුද්ගලයින්ගේ පටු දේශපාලන වුවමනා අනුව තමන් ක්‍රියාත්මක නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

“පොඩි ළමයි සෙල්ලම් බඩු පොළවේ ගහනවා අවධානය දිනාගන්න. ඉතින් ගම්මන්පිල පොඩි එකෙක් වගේ දඟළන එක ගැන මම එච්චර කලබල වෙන්නෙ නෑ. දැන් ඔවුන් දේශපාලනයේ පරාජිත වෙලා ඉන්නේ. ඒවා ගැන එච්චර තැකීමක් කරන්නෙ නෑ”

ප්‍රශ්නය – දැන් ඔබතුමාලාගෙ ආණ්ඩුවක් තියෙන්නෙ. ඇයි මේ වාර්තා එළියට දාන්න මොකක් හරි ගැටලුවක් තියෙනවාද කොහෙන් හරි ?

“කිසි ගැටලුවක් නෑ. අපි කලට වෙලාවට නිවැරදි පරීක්ෂණ අනුව ඒ දේවල්වලට අදාළව පියවර ගන්නවා. එක එක්කෙනාගෙ තියෙන පටු දේශපාලන වුවමනාවන් අනුව නෙවෙයි අපි ඒවා කරන්නෙ, වගකීම් සහගත ආණ්ඩුවක් විදියට”

ප්‍රශ්නය – එතකොට දිනයක් හරියට කියන්න බැරිද ඇමතිතුමා ?

“පරීක්ෂණ පවත්වලා පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරනවා. ඒවා කෙටි කාලයක් තුළ අවසන් කරනවා”

ප්‍රශ්නය – නමුත් ඔබතුමාලාට චෝදනාවක් තියෙනවා ආණ්ඩු බලය ගන්න කලින් මේක එළියට දාන්න කියලා ඔබතුමාලා වේදිකාවල කතා කළා, දැන් ආණ්ඩු බලය අරගෙනත් කාලයක් වෙනවා. ඇයි මේ ?

“ආණ්ඩු බලය ගන්න කලින් අපි කිව්වේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැහැදිලි පරීක්ෂණයක් පටන් ගන්නවා කියලා. ඒක අපි දැන් පටන් අරන් තියෙනවා. ඒ වගේම අපි අද කියනවා ඒ පරීක්ෂණය අනුව ඒ අදාළ චූදිතයින්ට අපි අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා. ඒක තමයි අපි එදත් කිව්වේ, අදත් කියන්නෙ”

ප්‍රශ්නය – එතකොට උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා මේක එළියට දැම්මොත් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්න හැකියාවක් ඔබතුමාලාට තියෙනවාද ?

“දාන්න කියන්නකො ඉස්සෙල්ලා. ඒක තමයි කරන්න ඕනෙ”

අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (17) වේයන්ගොඩදී පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...