සින්වාර් ඝාතනය කලද යුද්ධය අවසන් නැත – නෙතන්යාහු

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(17)දිනයේදී හමාස් සංවිධානයේ නායක යහියා සින්වාර් ඝාතනය කිරීම ඊශ්‍රායලය නිල වශයෙන් තහවුරු කළ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර තිබුණේ, හමාස් නායකයා ඝාතනයට ලක් වුවද යුද්ධය අවසන් නොවන බවයි.

යහියා සින්වාර් ඝාතනය කිරීම ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහි යුද්ධයේ මෙතෙක් ඊශ්‍රායලය ලැබූ විශාලතම ජයග්‍රහණය වන අතර ඔහු මරා දැමුණේ සැලසුම් සහගත විශේෂ බළකා මෙහෙයුමකින් නොවන අතර දකුණු ගාසා තීරයේ රෆාහිදී ඊශ්‍රායල හමුදා සමඟ ඇතිවූ අහඹු ගැටුමකදීය.

අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය හාමුදා සෙබළුන්ට ප්‍රශංසා කරමින් සතුට සමරණ ඊශ්‍රායල් වැසියන්ට නිවේදනය කර තිබුණේ, අපට හිංසා කරන අයට මොකද වෙන්නේ කියලා අපි අද නැවත වරක් පැහැදිලි කළා. මෙය කෙතරම් විශාල ජයග්රනාහක් වුවද යුද්ධය තවම ඉවර නෑ.අපට විඳදරාගැනීම, එකමුතුකම, ධෛර්යය සහ නොසැලී සිටීම අවශ්‍යයි, හැමෝම ආපහු එනකම් අපි අත්හරින්නේ නැහැ‘ යනුවෙනි.

සින්වාර්ගේ මරණය හාමාස් සංවිධා යේ විශාල පරාජයක් වන මුත් නෙතන්යාහුට අනෙකුත් යුද අරමුණු ඉටු වී ඇති බව ප්‍රකාශ කළ හැකි වන තුරු, යුද්ධය දිගටම පවතිනු ඇත. කෙසේ නමුත්, දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ඊශ්‍රායලය බටහිර ලෝකයේ වෙනත් ඕනෑම රටකට වඩා වැඩි පිරිසක් ඝාතනය කර ඇත.

1962 දී ගාසා තීරයේ ඛාන් යුනිස් හි සරණාගත කඳවුරක උපත ලද යහියා සින්වාර් ඊශ්‍රායලය නිදහස දිනාගත් 1948 යුද්ධයේදී ඊශ්‍රායල හමුදා විසින් පලා ගිය හෝ ඔවුන්ගේ නිවෙස්වලින් නෙරපා හරින ලද පලස්තීනුවන් 700,000කට වඩා අතර ඔහුගේ පවුලද විය.ඔහුගේ පවුල පැමිණියේ ගාසා තීරයේ උතුරු මායිමට ආසන්නව පිහිටි අෂ්කෙලොන් නමින් හැඳින්වෙන නගරයෙනි.

ඔහුගේ 20 ගණන්වලදී ඔහු පලස්තීන තොරතුරු සපයන්නන් හතර දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය විසින් වරදකරු කර සිරගත කරනු ලැබීය. 2011 දී තනි ඊශ්‍රායල සොල්දාදුවෙකු වන ගිලාඩ් ෂාලිට් වෙනුවෙන් මාරු කරන ලද පලස්තීන සිරකරුවන් 1,000 කට අධික සංඛ්‍යාවෙන් කෙනෙකු ලෙස සින්වර් ද නිදහස් කරන ලදී.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දින, ඊශ්‍රයල වැසියන් 1200ක් පමණ අමරා දමා 250ක් පමණ දෙනා ප්‍රාණ ඇපයට ගනු ලැබූ ඉතා සූක්ෂම ලෙස සැලසුම් කරන ලද මාරාන්තික ප්‍රහාරය සැළසුම් කළ මහමොලකරු වුයේ සින්වාර්ය. ඔහු පසුගිය ජුලි 31 ඉරානයේ සංචාරයකදී හමාස් නායක ඉස්මයිල් හනියේගේ ඝාතනයෙන් අනතුරුව සංවිධානයේ නව නායකයා වශයෙන් පත්කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...