දේශපාලන වාසි වෙනුවෙන් විමර්ශනවලට බාධා කරන්න එපා – කතෝලික සභාව ගම්මන්පිලට කියයි!

Date:

කොළඹ LNW:පාස්කු ඛේදවාචකයෙන් දේශපාලන වාසි ගැනීමට උත්සහ නොකරන ලෙස කතෝලික සභාව වෙනුවෙන් සිරිල් ගාමිණි පියතුමා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට අවධාරණය කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන කටයුතු මැදට පැන ඊට බාධා නොකරන ලෙසයි සිරිල් ගාමිණි පියතුමා හිටපු මන්ත්‍රීවරයා වෙත සඳහන් කරන්නේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වාර්තා වැඩ සටහනෙන් ඉදිරිපත් කර තිබුණු චෝදනා පිළිබදව විමර්ශනය කිරීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රීපුද්ගල කමිටුවක් පත් කළ අතර එම කමිටුවේ සභාපති ලෙස කටයුතු කළේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් මහතායි.

එම කමිටු වාර්තාව ප්‍රසිද්ධ නොවුණු අතර පසුගියදා උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ එම කමිටු වාර්තාව හා පාස්කු විමර්ශනවලට අදාළව රහස්‍ය වාර්තා කිහිපයක් ඇමුණුම් ද සහිතව තමන් සතුවන බවයි.

ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා එම වාර්තා ප්‍රසිද්ධ නොකරන්නේ නම් තමන් ඒවා ප්‍රසිද්ධ කිරීමට සූදානම් බවට පසුගියදා ගම්මන්පිල මහතා ප්‍රකාශ කරන ලදී.

ඔහුගේ මෙම ප්‍රකාශයට රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පාර්ශ්ව සිය ප්‍රතිචාරයන් දක්වා තිබුණු අතර මෙම පුවත සමාජය තුළ ආන්දෝලනයක් ඇති කිරීමට සමත්ව තිබේ.

කෙසේවෙතත් මේ වන විට කතෝලික සභාව විසින් ගම්මන්පිල මහතාට අවධාරණය කරන්නේ මේ මොහොතේ පාස්කු ප්‍රහාරයේ සිදුවීම මඟින් අයුතු ප්‍රතිලාභයක් ගැනීමට නොයන ලෙසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පණ ගැහෙන වර්ණයන්ට වටිනාකමක් ලබා දෙන, Maria කාචයෙන් දකින ලෝකය!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW): සමහර ඡායාරූප ශිල්පීන්...

ඉරානය දැඩි ප්‍රහාරයකට සුදානම් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ USS...

ශිරන්ති රාජපක්ෂටත් FCIDයෙන් කැඳවීමක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

සමහරුන්ට ඕනෙ ආණ්ඩුව සහ නීතීඥ ප්‍රජාව අතර ගැටුමක් හදන්න. අපි ඒ ලණු කන්නෙ නෑ. අපි පරිණතයි – ඇමති බිමල්

නීතිපතිවරයාට හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන්ට චෝදනා කිරීමට උත්සාහ...