කොළඹ LNW: විදෙස් ගතවන ශ්‍රමිකයින් සඳහා සහන මිලට ගුවන් ටිකට පත් ලබා දීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසුවේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා නාවලදී ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ ගුවන් ටිකට් පත් ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී පළමු ගුවන් ටිකට් පත මොල්ටෝව බලා යාමට සිටි කාන්තාවක් වෙත ලබා දීම සිදුකර තිබේ.
එම අවස්ථාවේදී තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජනතාව අපේක්ෂා කරන පරිදි සහන මිලට ගුවන් ටිකට් පත් ලබා දීම වෙනුවෙන් විදේශ රැකියා ඒජන්සිය හරහාම ගුවන් ටිකට් පත් ලබා දීම වෙනුවෙන් වැඩපිළිවෙල සකස් කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගත් බවයි.
”ජනතාවගේ පැත්තෙන් මතුවෙලා තිබුණා එළියේ දෙන ටිකට් වලට වඩා මෙම ආයතනයේ ටිකට් මිල අධිකයි කියල. එතකොට ජනතාවගේ පැත්තෙනුත් යම්කිසි බලාපොරොත්තුවක් තිබුණා ටිකට් සංඛාව වැඩිවෙන්න වැඩි වෙන්න ඩිස්කවුන්ට වැඩි වෙයි කියල. නමුත් අවාසනාවන්ත විදිහට උනේ ඒකේ අනික් පැත්ත. මෙතන තියෙනවා ඩේටා වගයක්. එකම ප්‍රයිස් එකට මාස ගණනාවක් එක දිගට ට්කට් නිකුත් කරලා තියෙනවා. මම හිතන්නේ සාධාරණ දෙයක් නෙවෙයි මම යෝජනා කළා මේ වගේ ප්‍රශ්න ගැටළු තියෙනවා නම් ඇයි අපට බැරි ටිකටින් ඒජන්සි එකක් අපේම නමින් දාගන්න. එතනදී අපි දන්නවා ඩේටා බේස් එකක් ඕනේ. පළපුරුද්දක් තියෙන අය ඕනේ. ඒකට අදාල තීන්දු තීරණ ගත්තා. විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී විදේශගත ශ්‍රමිකයින්ට පසුගිය කාලය තුළ දීපු මිලට වඩා සහන මිලට ටිකට් ලබාදීලා යම්කිසි ආකාරයක එයාලගේ බලාපොරොත්තුව ඉටු කරන්න.” යනුවෙන් තවදුරටත් පවසන ලදී.
ආශිකා බ්‍රාහ්මණ
