තිලිණි ප්‍රියමාලිගේ සහකරු අත්අඩංගුවට

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තියගේ ව්‍යාපාරික සහකරු වශයෙන් හඳුනාගෙන ඇති ඉසුරු බණ්ඩාර නමැති පුද්ගලයා ඊයේ (17) දිනයේදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මූල්‍ය අපරාධ කොට්ඨාස අංක 2 විසින් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ඔහුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

RN