ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු! IUSF හඬ නැවතත්!

Date:

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලමින් කැළණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිට කොළඹ දක්වා යෑමට පැමිණි සිසු ජන පෙළපාලිය විශ්වවිද්‍යාලය අසලදීම විසුරුවා හැරීමට පොලීසිය අද(18)දින කටයුතු කළේය.

මෙහිදී පොලීසිය විසින් සිසුන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම විරෝධතා පාගමන සංවිධානය කරන ලද්දේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගිනි.

සිසු පාගමන කොළඹට යාම වැළැක්වීම සඳහා කැළණිය ටයර් සංස්ථා හන්දිය අසල නුවර පාර හරස්කර විශාල පොලිස් බලෑනියක් යොදවා සිටි අතර ජලප්‍රහාරක රථද ඒ අසල නවතා තිබුණි.

පොලීසිය පෙළපාලිය විසුරුවා හැරීමෙන් පසුව උද්ඝෝෂකයින් කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණ රැළියක් පැවැත්වූහ.

සියලුම ඡායාරූප නරඹන්න! පහත link එකට පිවිසෙන්න!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...