ව්‍යවස්ථා සභාවේ තීන්දුව ආපසු හරවමින් ජනපති රනිල් පොලිස්පති යළි පත්කරයි !

Date:

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද පොලීසිය බාරව සිටින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද දිවයිනේ නොමැති අවස්ථාවේදී පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය ආපසු හරවමින් පොලිස්පතිවරයාව යළිත් ධුරයේ පිහිටවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) පියවර ගෙන ඇති බව වාර්තා වේ.

පොලිස්පතිවරයා නැවත ධුරයට පත් කරනු ලැබූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඊයේ ඔහු තනතුරෙන් ඉවත් කර පැයක් ගත වීමටත් මත්තෙනි.

පොලිස්පතිවරයා යළි පත් කිරීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ බීජිං නුවර සිට අවශ්‍ය නියෝග සියල්ලම වහ වහා ලබාදී ඇත.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් පොලිසිය බාර අමාත්‍යවරයා ලෙස ටිරාන් අලස් මහතාත් දිවයිනේ නො සිටින අවස්ථාවක පොලිස්පතිවරයා ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කිරීම බරපතළ වරදකියි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.

දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් දින දෙකකින් පැමිණීමට තිබෙන පසුබිම යටතේ පොලිස්පතිවරයා ඉවත් කිරීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවට ප්‍රබල සැකයක් මතුවන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරයාත් පොලිසිය බාර අමාත්‍යවරයාත් රටේ නො සිටින අවස්ථාවක පොලිස්පතිවරයා ඉවත් කිරීම රටේ සමස්ත පොලිසියම වසා දැමීමකට සමාන යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

ධුර කාලය ඉක්ම ගොස් තිබූ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට තවත් සති තුනක් සඳහා සේවා දිගුවක් ලබා දීමට මීට පෙර දී පියවර ගෙන තිබිණි. කෙසේවුවද වයස අවුරුදු හැටට වැඩි රජයේ නිලධාරීන්ට සේවා දිගු ලබානොදීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක් ලබාදීම අනුමත කල නොහැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ඊයේ (17) පස්වරුවේ තීන්දු කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සහ නව අභියාචනාධිකරණ සභාපති දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ජනාධිපති කාර්යාලයේදී...

වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට...

නවකවධයේ අතුරු ප්‍රථිඵල!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු...

කෙහෙළිය සහ බිරිඳ එළියට එද්දී දියණියන් දෙදෙනා සහ බෑනා අත්අඩංගුවට!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණ චෝදනා මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ...