ඇස් ලෙඩ වලින් දරුවන් රැක ගන්න සෞඛ්‍ය අංශ කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින්, දෙමව්පියන් සහ අධ්‍යාපන අංශයේ වගකිවයුත්තන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන වෛරස් ආසාදනයක් වන අක්ෂි රෝගය දරුවන් අතර ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි.

ඇතැම් ප්‍රදේශවල පාසල් සිසුන් අතර මෙම අක්ෂි රෝගයේ ව්‍යාප්තිය වසංගත ස්වරූපයෙන් පැතිර යන බව , ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

ඇස් රතුවීම, කඳුළු හා කබ ගැලීම හා ඇස්වල පවතින දැවිල්ල මෙම රෝගයේ බහුලව දැකිය හැකි රෝග ලක්ෂණ අතර වේ.

වැඩිදුරටත් උපුල් රෝහණ මහතා මව්පියන්ගෙන් ඉල්ලීම් කළේ, එම රෝග ලක්ෂණ පවතින දරුවන් පාසල් එවීමෙන් වළකින ලෙසයි.

රෝග ව්‍යාප්තිය අඩු කර ගැනීමට එකම පිළියමද එය වන බැවින්, දරුවන් ආරක්ෂා කර ගැනීම දෙමව්පිය වගකීම බව දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...