*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ භූගත නඩු භාණ්ඩ ගබඩාව දෙවැනි වරටත් හොරු කඩලා !

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ භූගත නඩු භාණ්ඩ ගබඩාවට නැවත වතාවක් පෙරේදා (16) රාත්‍රියේ සොරුන් ඇතුළු වී ඇති බව වාර්තා වේ.

එහි දොරට පිටතින් සහ ඇතුළතින් දමා තිබුණු ඉබි අගුල් 4ම කඩා දමා දොර විවෘත කර ඇති බවයි අධිකරණ නිලධාරියකු සඳහන් කළේ.

මෙම භූගත නඩු භාණ්ඩ ගබඩාව සොරුන් කඩා ඇති බවට පසුගිය 06 වනදා ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිට්‍රාර්වරයා විසින් කෙසෙල්වත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු අතර පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට ද කරුණු දැනුම් දී තිබිණි.

ඒ අනුව පෙරේදා දිනයේදී සොරුන් මෙම නඩු භාණ්ඩ ගබඩාව කඩා ඇත්තේ දෙවැනි වරටය.

මෙම ගබඩාවේ ඉතා පැරණි නඩු ලේඛන, පොත්පත්, රත්‍රන් භාණ්ඩ, ගිනිඅවි ඇතුළු නඩුවලට අදාළ නඩු භාණ්ඩ රැසක් තිබී ඇති අතර ඒවා නිශ්චිතව ලේඛනගත කර නොමැති බවත් අධිකරණ නිලධාරීන් පවසා තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan