මල් කැකුළක් තලා දැමූ කාමාතුරයා! (VIDEO)

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාසල් දැරිවියක අපයෝජනය කල කණැගාටුදායක සිදුවීමක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වර්තා වේ.

මෙලෙස බරපතළ ලිංගික අපයෝජනයට ලක් වී ඇත්තේ, කුරුණෑගල සිට කුඹුක්ගැටේ දක්වා ධාවනය වන බස් රථයක ගමන් ගස් 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් බව තොරතුරු වාර්තා වෙයි.

මේ සඳහා තරුණයකු සහ ඊට අනුබල දුන් බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා සම්බන්ධ අතර මේ වනවිට ඔවුන්ද බස් රථය ද අත්අඩංගුවට ගෙන ඇත.

පාසල නිමවී නිවෙස බලා යෑමට අදාළ බස් රථයට මෙම සිසුවිය නැග ඇති අතර, ඇය බැසිය යුතු ස්ථානයේ බස් රථය නොනවත්වා තවත් කිලෝමීටරයක පමණ දුරක් ඇයව සැකකරුවන් විසින් රැගෙන ගොස් ඇති බවත්, ඒ වන විට බස් රථයේ සිට ඇත්තේ සිසුවිය සහ සැකකරුවන් තිදෙනා පමණක් බවත් සඳහන් වේ..

පොලිස් ආරංචිමාර්ග පවසන්නේ, අතරමඟදී බස් රථය අතර මඟ නවත්වා, රියැදුරා සහ කොන්දොස්තරවරයා විසින් බස් රථයේ දොර වසා, වීදුරු ආවරණද දමා තරුණයාට දැරිය අපයෝජනය කිරීමට ඉඩ සලසා දී ඇති බවයි.

පසුව සැකකරුවන් ඇයට නිවෙස වෙත යෑමට ඉඩ සලසා ඇති බවද පැවසේ.

නතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සිසුවිය විසින් පාසලේ ගුරුවරියකට මෙම සිදුවීම හෙළිකිරීමෙන් අනතුරුව පොලිසිය වෙත එය වාර්තා වීමත් සමගයි.

මෙම සිද්ධිය පිළිබඳ පොලීසිය පරීක්ෂන පවත්වන අතර , යම් සිදුවීමකින් පසු පසුතැවීමට පෙර තම දරුවන් පිළිබඳ දැඩි සලකිලිමත් වීම, මෙවැනි කණගාටුදායක සිදුවීම් වළකාගැනීමට ඇති හොඳම ක්‍රියාමාර්ගය වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...