භාණ්ඩ කීපයක මිල පහළට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හෙට (19) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 5 ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ..

ඒ අනුව ආනයනික ටින් මාළු (ග්‍රෑම් 425) මිල රුපියල් 35කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 650 ලෙස දක්වා ඇත.

දේශීය ටින් මාළු ග්‍රෑම් 425 ටින් එකක මිල රුපියල් 5කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 545කි.

මුං ඇට කිලෝ එකක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල 1100ක් වේ.

හාල්මැස්සන් කිලෝ එකක මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1090කි.

කොත්තමල්ලි කිලෝ එකක නව මිල රුපියල් 540ක් වන අතර එහි මිල රුපියල් 10කින් පහළ දමා ඇති බව දන්වා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් අසන්න... පුවත...