*
Saturday, October 19, 2024
spot_img

Latest Posts

ක්‍රිකට්වල උදව්වෙන් ඇමෙරිකා යන කැරම් අගමැතිණිය හමුවට

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 19, (LNW) කොළඹ :

ඇමරිකාවේ කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී 2024 නොවැම්බර් මස 10 වන දින සිට 17 වන දින දක්වා පැවැත්වෙන සය වන ලෝක කැරම් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය ශ්‍රී ලංකා ජාතික කැරම් කණ්ඩායම අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය සහ ක්‍රීඩා අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වුණා.කණ්ඩායම් කළමණාකරු සමග ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු මෙම තරගාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් සහභාගි වෙනවා.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම සංචාරයේ බර කරට ගනිමින් රුපියල් මිලියන 5 ක මූල්‍යමය අනුග්‍රහයක් ලබා දෙන අතර එය ද සංකේතාත්මකව ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරිය සහ කැරම් ජාතික කණ්ඩායම හමු වූ අවස්ථාවේදීම සිඳු වුණා.එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කරමින් එහි භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද ද එක්ව සිටියා.


ලෝක කුසලාන තරගාවලිය සමඟම ක්‍රියාත්මක වන ඇමෙරිකා එක්සත් ජනපද විවෘත කැරම් සූරතාවලියද පැවත්වෙන අතර එයට ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවනට සහභාගි වීමට අවස්ථාව තිබෙනවා.ලෝකයේ ප්‍රබලතම කැරම් සංස්කෘතිය ඇති ඉන්දියාවට පසුව ලෝකයේ වැඩිම අවධානයක් දිනා ගත් කැරම් ක්‍රීඩාව ශ්‍රී ලංකාව වන අතර,නමුත් මෑතක සිට ලෝකයේ දියුණු රටවල් මෙම ක්‍රීඩාවට අවතීර්ණ වෙමින් සිටිනවා.විශේෂයෙන්ම සත්කාරක ඇමෙරිකාව විශාල අවධානයක් කැරම් ක්‍රීඩාවට යොදවා තිබෙන අතර එරට නියෝජනය කරන සියලුම ක්‍රීඩක කීඩිකාවන් පාහේ ඉන්දීය සම්බන්ධයක් ඇති අය වීම ද විශේෂයෙන් සඳහන් කළ යුතුයි.
කණ්ඩායම් කළමණාකරු ලෙස රනිල් අබේසිංහ මහතා කටයුතු කරන අතර, මොහොමඩ් ෂහීඩ්, අනාස් අහමඩ්, කවීන් නිම්නෙත් පීරිස්, දිනේෂ් නිශාන්ත ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් ද, ජෝසප් රෝෂිතා වඩුගේ, හිරුෂි මල්ෂානි පීරිස්, තරුෂි හිමහන්සිකා වීරසේකර, තස්මිලා කාවින්දි යන ක්‍රීඩිකාවන් ද තරගාවලිය සදහා සහභාගී වේ.

කණ්ඩායම සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අග්‍රාමාත්‍යවරිය ජයග්‍රහණය උදෙසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සුබ පැතුම් එක් කළාය.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan