අගමැති හරිනි හමු වූ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19 , කොළඹ (LNW):

ඊයේ (18) පෙරවරුවේ කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් වෙස්ලි ස්ටෙෆන් මහතා අතර හමුවක් සිදුව ඇත.

අග්‍රාමාත්‍යතුමිය වෙත, මෙහිදී මහ කොමසාරිස්වරයා ඔස්ට්‍රේලියානු රජයේ සුබපැතුම් පළ කර ඇති අතර දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක ද නිරත වූ බව වාර්තා වේ.