කාන්තා ලෝක කුසලානයට ශ්‍රී ලංකාවේ වැස්ස කරන බලපෑම

0
106

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 19,  කොළඹ LNW:

කාන්තා ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකාවේ බලපෑම වී ඇත්තේ වර්ෂාවයි.ශ්‍රී ලංකාවේ පැවති ඉන්දීය – පකිස්තාන තරගයෙන් අනතුරුව සෑම තරගයකම තීරණවලට වර්ෂාව හරස්වීම කැපී පෙණින.ඊයේ පකිස්තානය සහ නවසීලන්තය අතර තරගයද තීරණයක් නොමැතිව අවසන්වීමෙන් ඉනික්බිති නවසීලන්තයට තරග දෙකක තීරණය අහිමි වී යාම ඔවුන්ගේ අවසන් පූර්ව බලාපොරොත්තුවට තදින් බලපෑම් එක් කරන්නේය.
කෙසේ හෝ මේ තත්ත්වය මත අවසාන පූර්ව තරග සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් ලෙස නිවැරදිව කණ්ඩායම් හඳුනා ගැනීමේ ගැටළුවක් නිර්මාණය වී ඇත.අද පැවත්වෙන තරගය ඉන්දියාව පරාජය වුවහොත් සහ එයින් ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගයට පළුද්දක් සිඳු වුණොත් ඒ හා සමාන ප්‍රසාද ලකුණු ගණනක් ලබා සිටින නවසීලන්තයට ලකුණු ලබා ගැනීමේ වේගය මත ඉදරියට ඒමට ඉඩ ඇත.


අද තරගය එංගලන්තය ජය ගතහොත් සියළුම කණ්ඩායම් තරග 5 ක් අවසන් කරද්දී ලෙස ප්‍රසාද ලකුණු සටහන ක්‍රියාත්මක වන අතර එවිට අවසාන කණ්ඩායම් හතර කවුරුන්ද යන්න හඳුනා ගැනිම තවත් දුෂ්කර තත්ත්වයට පත් විය හැකිය.ශ්‍රී ලංකාවට එක් තරගයක් ක්‍රීඩා කිරීමට ඉන්දියාවට යා යුතුව ඇති බැවින් එය වර්ෂාවට හසු නොවී ජය ගැනීමට උත්සාහ කළ හැකි වැඩි වාසි ශ්‍රී ලංකාව සතු තරගයක්ද වන බැවින් තරග දෙක ගැනම ජයග්‍රාහී බලාපොරොත්තු තබා ගත හැකිය.ඉන්දියාවේදී හමුවන බංගලාදේශය මේ තරගාවලිය තුළ ඉතා හොඳින් දස්කම් දක්වන සහ පුහුණු තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව එක ලකුණකින් තරගය ජය ගෙන ඇති නිසාද පහසුවෙන් ගැනීමට ද අපහසුය.


කෙසේ හෝ මේ තරගාවලියේ දී සෑම කණ්ඩායමක්ම පාහේ යම් ප්‍රගතියක් පෙන්වන අතර ඔවුන් ලෝක කුසලානයට හොඳ සූදානමකින් පැමිණ ඇති බව පෙනේ.ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කතාවේ දත්තවලට අනුව පරාජය වූ තරග දෙකක් දැක් වුණ ද,එම තරග දෙකම ශ්‍රී ලංකාව විසින් උඩ පන්දු ලෙස අත හැර ප්‍රතිවාදියාට ජය පිරිනැමූ තරග වන බැවින් ශ්‍රී ලංකාව ඉදිරි තරග දෙකේදී වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතුව ඇත්තේ පන්දු රැකීම කෙරෙහිය.
මේ තරගාවලියේ මේ දක්වා දුටු සටන්කාමීම කණ්ඩායම දකුණු අප්‍රිකාවය.පළමු තරගයෙන් අන්ත පරාජයක් ලබා ඉනික්බිති ඔවුන් සියළු තරග ජය ලබමින් දක්වන දස්කම් අනුව මේ තරගාවලියේ සූරතාවය සඳහා ඔවුන් විශාල ඉඩක් සකස් කර ගෙන ඇති බව නොසළකා හැරිය නොහැකිය.