රිවස්ටන් කලාපයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන්න…

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW :

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් , මේ දිනවල මාතලේ රිවස්ටන් කලාපයේ සංචාරය කිරීමේදී සැලකිලිමත්වන ලෙස මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා දෙස් විදෙස් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.  

විශේෂයෙන්ම මාතලේ රිවස්ටන් කලාපයේ සවස් වරුවේ අධික වර්ෂාපතනය හේතුවෙන් මාර්ගයට පස්කන්ඩි කඩාවැටීම්, ගස්කඩාවැටිම් ආදිය හේතුවෙන් දිනපතා මාර්ග අවහිරතා වාර්තාවන බැවින් මේ පිළිබදව දැඩි අවධානය යොමුකරන ලෙස දිසාපතිවරයා සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රිවර්ස්ටන් වෙත දිවෙන මාර්ගයේ සුන්බුන් ගලායාමක් වාර්තා වී ඇතිබවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

මීට යාබදව ගොඩනැගිලි කිසිවක් නොමැති අතර, මේ හේතුවෙන් ගමනාගමනයට බාධා ඇති වී ඇත. මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග අවහිරතා ඉවත් කිරීමට කඩිනම් පියවර ගෙන ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට ඉල්ලීම් කර ඇත.

තවද යාබද ස්ථාන කිහිපයකම සුළු පස් කණ්ඩි කඩාවැටීම් සිදුවී ඇති අතර මේ වන විට මාර්ගයේ ගමනාගමනයට බාධා නොවන පරිදි යථා තත්ත්වයට පත් කර ඇත.

එමනිසා පවතින වර්ෂාමය තත්ත්වය හමුවේ කඳුකර ප්‍රදේශවල (විශේෂයෙන් නායයෑම් අවදානම් සහිත ප්‍රදේශ වල) ජීවත් වන/ගමන් කරන ජනතාව නායයෑම් පූර්ව අනතුරු ලක්ෂණ හා අවට වෙනස්කම් සම්බන්ධයෙන් විමසිලිමත් වනලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂ අත්අඩංගුවට නොගන්නා බව CIDය දැනුම් දෙයි. FR පෙත්සම ඉල්ලා අස්කර ගනී

සටහන - රුවන් නෙළුගොල්ල කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ...

දේශපාලනය කියන්නෙම මනුස්සකම ….

නන්දන ගුණතිලක ගැන අවශ්‍ය තරම් සටහන් ලියවිලා තිබ්බ. ගිය...

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...