අකුරණ, 07 කණුව, කුරුගොඩ හන්දියේ වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මරණයට පත්ව, තවත් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු මෙසේ අනතුරින් මියගොස් ඇත.
සිමෙන්ති ප්රවාහනය කළ ප්රයිම් මූවර් රථයක් රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ ගමන් ගත් තවත් වාහන කිහිපයක සහ පදිකයින් කිහිපදෙනෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
ත්රීරෝද රථ, ලොරි රථ, යතුරු පැදි ඇතුළු වාහන 08කට මෙම අනතුරින් අලාභහානි සිදුව ඇති බවත්, එහිදී ත්රීරෝද රථයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවත් යතුරු පැදියක් ගිනිගෙන විනාශයට පත්ව ඇති බවත් වාර්තා විය.





