ඥානසාර හිමිට සමාව දෙන්න මගේ අත්සන ගෙන ඇත්තේ මාව නොමග යැවීමෙන් – මෛත්‍රීගෙන් නිවේදනයක් !

2019 වසරේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව ජනාධිපති සමාව මත නිදහස් කිරීමේදී තම කාර්ය මණ්ඩලයේ නිලධාරීන් අතින් තාක්ෂණික දෝෂයක් සිදුව ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන නඩු දෙකක් විභාග වී ඇති අතර, අධිකරණයට බාධා කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීම යන චෝදනා යටතේ (37417/10 සහ 40042 යන නඩු අංක යටතේ) මෙම නඩු පැවතී ඇති බව පවසන ඒ මහතා මෙම නඩු දෙක යටතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව දීම සඳහා අදාළ ලිපි ලේඛන අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා අනුමැතිය ලබාගත යුතු වුවත් ජනාධිපති කාර්යාලයේ නීති අංශය භාර අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය විසින් ඒ බව තමාට දන්වා සිටියද, අදාළ ඉල්ලීම අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා නොමැති බවයි සඳහන් කරන්නේ.

ඒ අනුව අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව හුදෙක් තමාගේ අත්සන පමණක් ලබාගෙන ඇති අතර, එය තමා නොමග යැවීමක් බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරත් ප්‍රකාශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක් !

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන...

ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන් වෙනුවෙන් සමෘද්ධියෙන් රුපියල් මිලියන 5,011ක්!

කොළඹ LNW:2026 වර්ෂය තුළ සමස්ත ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන් සඳහා...

(Video)යුද හමුදාවේ සහයෙන් ‘අග්බෝ’ හමුවෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : අග්බෝ ඔබ සුවෙන්......