අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක් !

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම පවසයි.

එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා සඳහන් කළේ, පස්වරු 04.30 සිට රාත්‍රී 08.30 දක්වා මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට බලාපොරොත්තුවන බවයි.

පසුගිය 17 වනදා දිවයිනටම විදුලිය බිඳවැටීමක් සිදුවූ අතර එහිදී නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වීම හේතුවෙන් මේ තත්වය උද්ගතව ඇත.

ඒ අනුව, මෙම විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ සහ අමාත්‍යාංශයේ අවසන් අනුමැතිය ලැබීමෙන් පසු, අදාළ කලාප අනුව විදුලිය කැපෙන නිශ්චිත වේලා සටහන් ජනතාවට දැනුම් දීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමිට සමාව දෙන්න මගේ අත්සන ගෙන ඇත්තේ මාව නොමග යැවීමෙන් – මෛත්‍රීගෙන් නිවේදනයක් !

2019 වසරේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව ජනාධිපති සමාව මත නිදහස්...

ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන් වෙනුවෙන් සමෘද්ධියෙන් රුපියල් මිලියන 5,011ක්!

කොළඹ LNW:2026 වර්ෂය තුළ සමස්ත ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන් සඳහා...

(Video)යුද හමුදාවේ සහයෙන් ‘අග්බෝ’ හමුවෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : අග්බෝ ඔබ සුවෙන්......