*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

විපක්ෂ නායක සජිත්ගෙන් කොලොන්න ජාතික පාසලටත් බස් රථයක් (Photos)

දේශයේ සිසුපරපුර උදෙසා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සක්වල” වැඩසටහනේ 37 වන බස් රථය රත්නපුර කොලොන්න ජාතික පාසැලට පෙරේදා (17) පරිත්‍යාග කරන ලදී.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“රටේ එක් පැත්තකට සියලු පහසුකම් සහිත අධ්‍යාපනයක් තිබුනත්, දුෂ්කර පළාත්වල අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන්නේ සිංහල භාෂාවෙන් පමණයි. ඒ නිසා ශිෂ්‍ය පරම්පරා, වසර ගණනක සිට අසරණභාවයකට පත්වුනා. මූලිකවම ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය අපි රට පුරා සෑම පාසැලකටම ව්‍යාප්ත කළ යුතුයි. ඒ වගේම තොරතුරු තාක්ෂණය සහ පරිගණ දැනුම කේන්ද්‍රගතවූ විෂය මාලාවන් සංවර්ධනය කරලීම සහ ඒ සඳහා දරුවන් පැකිලීමකින් තොරව යොමු කළ යුතුයි. පරිගණක විද්‍යාගාර හරහා කෘතිම බුද්ධිය ආදී නවීන ක්‍රමවේදයන් ළමුන්ට හඳුන්වාදීම තමයි රටේ හැරවුම් ලක්ෂයක් වන්නේ. අපේ රටේ පාසල් දසදහස් එකසීය තුළ, සමගි ජන බලවේග රජයක් යටතේ රටේ අධ්‍යාපනය නව ක්‍රමවේදයන්ට සහ ලෝකයට ගැලපෙන ලෙස සංවර්ධනය කිරීම අනිවාර්යෙන් සිදු කරන බව කිව යුතුමයි. ඒ ඔස්සේ සැමට සම අධ්‍යාපනවරම් හිමිකරදීම අපේ අපේක්ෂාවයි.”

මෙරට අධ්‍යාපන ක්‍රමයේ ඇති දුර්වලතා හේතුවෙන් රැකියා වෙළෙඳපොළේ පවා පන්ති භේදයක් ඇතිවී තිබෙන බවත්, එය නතරකිරීම සඳහා වෘත්තීය අධ්‍යාපනය සහ රැකියා වෙළඳපොළට ගැලපෙන විෂයමාලා සහ ඒ සඳහා විශේෂඥ දැනුමෙන් හෙබි අධ්‍යාපනඥයින් පිරිසක් බිහි කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කළේය.

වර්තමානය වනවිට රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පාසැල් දරුවන්ගේ පෝෂණයද අර්බුදයකට පත්ව ඇති බවත්, ඒ හේතුවෙන් වහාම පාසැල් දරුවන්ගේ සෞඛ්‍යය සහ පෝෂණය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතුබවත්, ඒ සඳහා විපක්ෂයක් ලෙසද කඩිනමින් ක්‍රමවේදයක් සකස් කරන බවත්,සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සඳහන් කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan