*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

රජයේ සේවකයින් විශ්‍රාම ගැන්වීම : වෛද්‍යවරුන් වෙනුවෙන් වෙනස් ක්‍රමවේදයක්

ලබන දෙසැම්බර් 31 වනදා වනවිට වයස අවුරුදු 60 සම්පූර්ණ කළ රජයේ සේවකයින් අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ ප්‍රතිපත්තිය යටතේ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේදී ඔවුන් සඳහා අතිරේක කාලයක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

එක්වර වෛද්‍යවරුන් විශාල ගණනක් විශ්‍රාම ගැන්වුවහොත් මෙරට නිදහස් සෞඛ්‍ය සේවයට කෙටි කාලයක් තුළ මුහුණ පෑමට සිදුවිය හැකි අනිටු බලපෑම් සලකා බලා මෙම තීරණයට එළඹුණු බවයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

ඒ අනුව,

දැනට වයස 63 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් එළඹෙන දෙසැම්බර් 31 වන දින විශ්‍රාම ගැන්වීම

මේ වනවිට වයස 62 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් තම වයස 63 වනවිට විශ්‍රාම ගැන්වීම

මේ වනවිට වයස 61 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් තම වයස 62 වනවිට විශ්‍රාම ගැන්වීම

මේ වනවිට වයස 60 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් තම වයස 61 වනවිට විශ්‍රාම ගැන්වීම

මේ වනවිට වයස 59 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් තම වයස 60 වනවිට විශ්‍රාම ගැන්වීම

මෙසේ නිර්දේශිත වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ අන්තර්කාලීන ක්‍රියාමාර්ගය 2023 දෙසැම්බර් 31 වනදායින් අවසන් වියයුතු අතර ඉන් ඉදිරියට අනෙකුත් රාජ්‍ය නිලධාරීන් මෙන්ම වෛද්‍යවරුන්ට ද වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත විශ්‍රාම ගැන්විය යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan