ලොක්කාගේ ගේම් ප්ලෑන් එක හිතවතෙක් එළිකරයි !

Date:

රටේ ලොක්කා ආයෙත් නම් ඡන්දෙකට එන්නෙ නෑ කියලා කතාවක් සමහරු මේ වෙනකොට තැන් තැන්වල කිය කියා යනවානෙ. ඒත් ඉතින් ඔය පුටුවේ වාඩි වෙච්චි කෙනෙක් ඕක අතාරියි කියලා හිතන්න බෑනෙ.

කොහොම වුණත් ලොක්කා මේ දවස්වල කරන වැඩත් එක්ක ලොක්කාගේ ප්ලෑන් එක මොකක්ද කියලා හිතාගන්න බැරුව විපක්ෂයේ වගේම ආණ්ඩුවේ කස්ටියත් ෆුල් අන්දොස් වෙලා ඉන්නෙ.

පහුගිය දවසක අර සුවාදීන සෙට් එකේ මීගමු පැත්තෙ හාදයා ඇතුළු කට්ටියක් ලොක්කාට හිතවත් අලි පාටියේ සීනියර් කෙනෙකුත් එක්ක කතාවක් දාගෙන ඉද්දී ඔය මාතෘකාවත් ඇදිලා ආවා ලු.

මීගමු පැත්තෙ හාදයාගෙ සෙට් එකේ අදහස වුණේ ලොක්කාට එහෙම මොකුත් ගේම් ප්ලෑන් එකක් තියෙන වගක් නම් පේන්න නෑ, යන තත්වෙත් ටික ටික අමාරු වේගෙන එන්නේ, ඉක්මනින් මොකුත් නොකළොත් වැඩේ අල වෙන්නත් බැරි නෑ කියන එක ලු.

එතනදී අලි පාටියේ සීනියර් එක්කෙනා කියලා තියෙන්නෙ මෙහෙම කතාවක්,

“ඔය ලොක්කා ඡන්දෙට එන්නෙ නෑ කියලා අර කොම්බු හාදයා එහෙම කිය කියා ගියාට ඒවා ගණං ගන්න ඕනෙ නෑ. ලොක්කා අනිවාර්යයෙන්ම ඡන්දෙට එනවා. ඒ එන්නේ අලි පාටියෙන් නෙවෙයි. සුවාදීන පොදු අපේක්ෂකයා හැටියට. ලකුණ හංසයා. ඉක්මනින්ම කැම්පේන් පටන් ගනියි”

ඒ කට්ටිය කතාවෙච්චි දේවල් තමයි. අපි ඕවා දන්නෙ නෑ ඉතිං …. බලාගෙන ඉන්නයි තියෙන්නෙ ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...