*
Monday, May 19, 2025
spot_img

Latest Posts

සොක්‍රටීස් බලාපොරොත්තු වෙන්න එපා. පාර්ලිමේන්තුවෙ ඉන්නෙ නල්ලතම්බිලා – අමිත්ත වීරසිංහ

අපි නාට්‍ය කළත් ප්‍රකාශනයක් කරන්නෙ.ඒක සාමුහිකයි.හැබැයි ඊට වඩා නිදහස් ඉඩක් ලේඛණයෙදි තියෙනවා.සම්පූර්ණ වගකීම සහ වගවීම ලේඛකයා සතුයි.ඒක වගකීමෙන් කරන්න ඕනි වුණාට,ඒකෙ මගේකම වැඩියි.”


ප්‍රවීන රූපනවේදි අමිත්ත වීරසිංහ ගේ ජිවිතයට ලේඛකයෙක් සහ රූපනවේදියෙක් ලෙස වැඩ කරන විට දැනෙන වෙනස,සමානකම් සහ ඔහුගේ කලාව සහ සමාජය පිළිබද දෘශ්ටිය සටහන් කරන්නට හමු වූ අවස්ථාවක,ඔහු එසේ අදහස් දැක්වූවා.


රූපවාහිනිය ටෙලි නාට්‍ය කලාව හා සබැඳි පළමු මොහොතේම ඒ හා ළමා නළුවෙක් විදිහට රංගනයට දායක වන අමිත්ත වීරසිංහ මේ කේෂ්ත්‍රය තුළ වයස ඉක්මවා ගිය සුවිශාල අත්දැකීමක් ඇති රංගන ශිල්පියෙක්.
සොක්‍රටීස් බලාපොරොත්තු වෙන්න එපා.පාර්ලිමේන්තුවෙ ඉන්නෙ නල්ලතමිබිලා.”


අමිත්ත සමාජය කඩා වැටීම ගැන ඉතාම සරලව පවසන ඒ වචන ටික වචනවලට එහා, ගැඹුරට කිදා බසින්නට හැකි වෘතාන්තයක්.


මතකද දන්නෙ නැහැ,ජේ.ආර්. නල්ලතමිබි බලලා නිහාල් සිල්වාට එන්න කියලා පවුම් පහක් එක්ක ලක්ෂ ගණනක තෑග්ගක් දෙනවා.ඒ රසයෙ නායකත්වයක් තමයි අපිට තියෙන්නෙ.හැබැයි ශිල්පීය වශයෙන් යම් පමණකට පිරිසක් නාට්‍ය කලාව,ටෙලි නාට්‍ය කලාව රැඟෙන ගියා.නමුත් චන්ද්‍රිකා ආණ්ඩුවෙන් ගුවන් තරංග අලෙවි කරමින් සහ ප්‍රේක්ෂකයාට ගුණවත්කම හෝ රසවත්කම ගැන කතා කරන්න තිබුණ අයිතිය අහෝසි කරමින්, පුරවැසියා රූපවාහිණිය ගුවන් විදුලිය සම්බන්ධයෙන් අයිතිය දැරුව බලපත්‍රය අහෝසි කරා.
අලුත් චැනල් බොහොමයක් ඔළුව අමතක කරලා කකුල්වලට හන්දි ගාණෙ කතා කරන්න ගත්තා.දැන් හන්දි ගාණෙ කකුල් වැඩ කරපු වැඩේම තමයි හැම තැනම යන්නෙ.ඔයා හිතනවද යශෝරාවයෙ දැකපු දුක්බර කුස්සිය දැන් වෙනස් වෙලා කියලා.ඒ කතා කරන පවුලේ ඛේදය වෙනස් වෙලා නැහැ.නමුත් සාලය වෙනස් කරලා සාලයට ඕනි විදිහට කුස්සිය ෆැන්ටසි විදිහට වෙනස් කරනවා. ඒක අපි ඉන්න රියැලටි එක නෙමෙයි.
ඒ නිසා අපි ඉස්සරහ සොක්‍රටීස්ලගේ තැන ඉන්නෙ නල්ලතමිබිලා.ජැක්සන්ගේ හිස් වෙච්චි ඇඳ පුරවන්න මොලේ පන නැති අය තොග පිටින් ඉන්නවා කියලයි මට දැනෙන්නෙ.මොලේ වෙනුවට කකුල්වලට කතා කරපු අය කකුල් උඩ දාගෙන සල්ලි එකතු කරාට මානව දයාව සහිත සංවේදි මිනිස්සු නැහැ.වැරදි තැනක සමාජය තියෙන්නෙ.සමාජය හසුරුවන ධනය සහ දැණුම තැන් දෙකක.සමාජය සල්ලිවලින් හසුරුවන්නේ කවුද ? දැණුමක් තියෙනවනම් අපි තේරුම් ගන්න ඕනි ලුම්පන් සමාජයෙ ඉන්න ඕනි චර්යාවන් සහිත මිනිස්සු තමයි මේ සිස්ටම් එක හසුරුවන්නෙ”


අමිත්තගේ ප්‍රශ්න කිරීම මට සිළුටු නැත.නිතර සිනහවෙන් හිටියත් ඔහු වගකීම් සිනහවන් බවට පත් කරන්නේ නැති,ඒවා මහත් භක්තියෙන් හසුරුවන සහ ඒවා තුළ ඒ ආකාරයට හැසිරෙන අයෙකි.මෙයද එක්තරා ආකාරයක වගකීම් සහිත පිළිතුරු බැදීමකි.ඒ නිසා ඇතැම් තැන සැරය.බරය. අමිත්ත මෑතකදී පරාක්‍රම නිරිඇල්ලයන් ගැන සුවිසල් ග්‍රන්ථයක් කළේය.ඒ පරාක්‍රමය.


මේකෙ විද්‍යාර්ථින්ට දවසක ඉතිහාසය කනින විට අවබෝධ කර ගන්න ඕනි කරුණු තියෙන්නෙ.පරාක්‍රම ගැන හුදු වර්ණාවක් නෙමෙයි.ඔහු වැඩ කරන,කරපු සමාජයේ ආර්ථික,දේශපාලන සහ සංස්කෘතික පරිසරය ඔස්සේ තමයි මං පරාක්‍රමව විග්‍රහ කරන්න උත්සාහ කරන්නෙ


මේ ප්‍රොසේනියම් වේදිකාවට මිනිස්සුන්ට සමීප වෙන්න තියෙන බාධක වලට විකල්පයක් හැටියට තමයි ජන කරළිය ගෙනෙන්නෙ.ඒ එක අතකට යහපත් දැනුමක් වින්දනයක් අපේක්ෂාවෙන්.නමුත් පරාක්‍රම එ හරහා බිහි කරන,සම්මානයට පාත්‍රවන මිනිස්සු ආපහු පරාක්‍රම කතා කරන දේ වල අනන්‍යතාවයෙන් බැහැර වූ සමාජයේම කොටස් හැටියට හැසිරෙනවා,සිස්ටම් එකට අහුවෙලා පෞරුෂය දිය කර ගන්නවා කියන එකයි මගේ විග්‍රහය.


ඒක පරාක්‍රමව කියවීමක්ම නෙමෙයි.පරාක්‍රමව පෙරළාගෙන සමාජය කියවීමක්.ඒක හරියට වටහා ගත්තම තමයි පරාක්‍රමය ඇතුළෙ පරාක්‍රම කර තිබෙන පරාක්‍රමයන් ගැන අනන්‍යතාවය හඳුනාගන්න ලැබෙන්නෙ.”


සමාජය වියැකී ගිය මානව ගුණයන්ගෙන්,සාරාර්ථවලින් බැහැරව තිබෙන බව දිගින් දිගටම කියන අතරේම ඔහු ඒ සමාජය වෙනස් කිරීමේ කාර්යයට නිහඬව නොසිට දායක වෙයි.එහි ඇති ප්‍රතිපලය කවරක් විය හැකිද?


“මගේ පොත් එළිදැක්වීම දවසේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙල තිබුණා.දෙරණ සම්මාන උළෙල තිබුණා.හැබැයි තරංගනිය පුරවන්න ඊට ඔරොත්තු නොදෙන සෙනඟක් හිටියා.ඒක ආදරයක්ම නෙමෙයි.මට පවරන වගකීමක්.මං ඊට වගවෙන්න ඕනි.මං හැම වෙලේම ඒ ආදරය වෙනුවෙන් වැඩ කරන්න බැදී ඉන්නවා.
ඒකයි මං ලියන්නෙ.ඒකයි මං රඟන්නෙ.මට සමාජයට ප්‍රකාශයක් නිකුත් කරන්න තියෙනවා.මං ඒක දැනගෙන කරන්නෙ.මං රංගනය හදාරලා තියෙනවා.ඒ හැදෑරීම්වලින් පස්සෙ මං දන්නවා ඒවැයෙ කූඩු වෙලා ඉන්නෙ නැතුව එළියට ඇවිත් වැඩ කරන්න.


ඒ වගෙම මං ලේඛණය ශාස්ත්‍රීය වශයෙන් දැනගෙන ඊට අවශ්‍යය සුදුසුකම් සනාත කරගෙන තියෙනවා.ඒ සම්ප්‍රදායන්,සීමාවන් දැනගෙන තමයි මං ඒවා බිඳ දමන්නෙ.මං විශ්වාස කරනවා දෙයක් වෙනස් කරන්න ඕනි වෙනස් කරන්නේ කුමක්ද කියන එක හොඳින් දැනගෙන කියන එක.එසේ නොවුණ විට යම් අයාලයේ යාමක් වෙන්න පුළුවන්.කරන්නන් වාලේ වෙනස් කරන එක කරන්න බැහැ.


මං සාහිත්‍යයකරුවෙක් නෙමෙයි.ඒ නිසා කලාවෙදි වගේම මං එක එක කුල නියෝජනය කරන්නෙ නැති නිදහස් මනුස්සෙක්.මං ලියන්නෙ මගේ ප්‍රකාශනය.හැබැයි මං බිස්නස් කියන එක දන්නවා.බිස්නස් එකකදි මං ඕනිම දෙයක් විකුණන්නෙ නැහැ.හැබැයි මං හොද දේවල් විකුණනවා.නමුත් ඊට වඩා හොඳ දේවල් පවා විකුණගන්න නොදන්නාකම නිසා අසරණ වෙච්චි දැවන්ත සාහිත්‍යකරුවො මං මෙවර පොත් ප්‍රදර්ශනය ඇතුළෙ දැක්කා.


මොකද දැන් හොද දේවල් විකුණන්න දන්න ප්‍රඥාවක් ඇති අය අතේ නෙමෙයි විකිණිම තියෙන්නෙ.කලාව සාහිත්‍ය මිනිස්සු අතරට ගෙනියන්න දැනගන්න හොද සාරාර්ථ සහිත මිනිස්සු අවශ්‍යය වුණත් මේ හැම තැනකම අඩු විහිඳගෙන ඉන්නෙ මිනිස්සු රඳවාගෙන තබා ගන්නෙ අවර ගනයේ වින්දනය විසින්.
හරියට සිංදුවක් අහන්න දෙන්නෙ නැහැ මිනිස්සුන්ට.ඒ අස්සෙ නිවේදක කතා කරනවා.සිංදුවෙ භාගයයි කතාවේ භාගයයි.එහෙම කරලා සාමාන්‍යයෙන් පැය භාගයට අහන්න පුළුවන් සිංදු ගාණට වැඩිය සිංදු කෑලි ටිකක් අපිට ඇස්සුවම ඒවා සම්පූර්ණ සිංදු කියලා පිළි අරගෙන,කෝල් කරලා සිංදු ඉල්ලන සමාජයක නේද අපි ඉන්නෙ.


අපි මේක දියවෙලා කියලා දැනගෙන නිහඬව ඉදලා බැහැ.දිය නොවුණ කොටස පළල් කරන්න වැඩ කරන්න ඕනි.මං හිතන්නෙ මට සමාජයෙන් දිලා තියෙන ඒ වගකීමට, රංගනයට අවස්ථාව ලැබුණත්, මං ලිව්වත් උත්සාහ කරනවා.”


අමිත්ත දක්ෂ නළුවෙක් බව අවිවාදිතය.එසේම වගකීමෙන් සහ පිළිවෙලක් සහිතව සැළසුමකට යටත්ව වැඩ කරන්න හපනෙක්ය.ඒ සංයමය සහ ශික්ෂණය සහිත ධාරිතාව හෙට ඔහුගේ ලේඛණ කලාවේ ඉදිරිය, තව තවත් කතා කරන්නට ඉඩ ඇති ලේඛකයෙක් වීමට ඇත්තේ පළල් ඉඩක්ය.


ඔහු රූපනවේදියෙක් වශයෙන් සාර්ථක වන්නේම ඔහු රංගන කාර්යයට දක්වන දායකත්වය නිසාය.ලේඛකයෙක් ලෙස ද ඔහු ආවාට ගියාට ලියන්නෙක් නොවනු ඇත.කැපවීම, වෙහෙස නොබලා වැඩ කරන්නට ඔහුට ඇති ශක්තිය මෙන්ම පුරුද්ද ද ජීවිතයෙ මිනිසෙකු කරන ඕනිම කාර්යයකට පූර්වාදර්ශ ලෙස ගත හැකිය.


අමිත්තට අපි සුබ පතමු.පරාක්‍රමයෙන් නොනැවතී තව තවත් අකුරු පරාක්‍රමයන් එළි දක්වන්නට ශක්තිය පතමු.නිර්මාණශීලී සාහිත්‍යය සහ කලා භාවිතාවන්වලින් යහපත් දේ සමාජයට දෙන්නට තව තවත් දිරි පතමු.අපි සටහන අවසනට ඔහු පැවසූ මේ වචන ටික අමුණා තබන්නෙමු.


අපි නොමැරී වෙනස් කරන්නට මහන්සි විය යුතුයි.එහෙත් මේ ඇති වී තිබෙන ඛේදවාචකය ඔස්සේ සිතුවොත් සොක්‍රටීස් හිටියානම් වස පොවන්නට පෙර ඔහුම වස පානය කර මිය යනවා.”

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan