රනිත්මා පෙරට

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිඩ්නි විවෘත බැඩිමින්ටන් සූරතාවලියේ කාන්තා අංශයෙන් තරග වඳින රනිත්මා ලියනගේ ඕස්ට්‍රේලියාවේ පිචායා එලිසා විරවොන්ග් පරාජය කරමින් ඉදිරි තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත්තාය.ජගත් ශ්‍රේණිගත කිරීම්වල 410 වන ස්ථානයේ සිටින රනිත්මා අතින් පරාජය වූ එලිසා සිටින්නේ 345 වන තැනය.


මේ තරගයේදී තමන්ට වඩා ඉදිරි ශ්‍රේණියක සිටින ක්‍රීඩිකාවක වන එලීසාව ඉතා පහසුවෙන් පරාජය කළ රනිත්මා විනාඩි 18 දී තරගය නිම කළේ ලකුණු සටහන 21 – 08 සහ 21 -03 ක් ලෙස රඳවමින්ය.ශ්‍රේණියෙන් ඉහළ යාමට ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවට වැදගත් වී ඇත්තේ ජාත්‍යන්තර තරගාවලි නියෝජනය වන අතර රනිත්මා මේ තරගයේදී සියල්ලට විඳහා පෙන් වූවේ ජාත්‍යන්තර තරග අවස්ථා වැඩි පුර උපයා ගැනීමට තමන්ට අවස්ථාව ලැබෙනවානම් යා හැකි දුර ගැන ඉඟියක්ය.


රනිත්මා මේ තරග කළේ අවසාන 32 අතර වටයේ වන අතර මේ ජයග්‍රහණයත් සමඟ ඇය 16 දෙනාගේ වටයේදී තරග වැදීමට සුදුසුකම් ලබා ගත්තේය.එහිදී ද ඇයගේ ප්‍රතිවාදිණිය වන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක්ය.අයිරා සමීර් ආචාර්යා වන ඇය රනිත්මාට වඩා ජාත්‍යන්තර ශ්‍රේණිගතවල පහළින් සිටින නිසා බොහෝ විට රනිත්මාට එම අභියෝගයත් ජයගෙන 8 දෙනාගේ වටයට පිවිසීමට හැකියාව ලැබෙනු ඇත.
මේ අතර ඊයේ අබුඩාබි වීවෘත බැඩ්මින්ටන් තරගාවලය නියෝජනය කරමින් ආශිංශන හේරත් සුදුසුකම් වටයෙන් ප්‍රධාන තරතකරුවන් 64 දෙනා අතරට නම පිවිසුණත් එහිදී මුහුණ දුන් පළමු තරගයේදීම ජර්මණියේ කායි සචෙෆ්චර් ඉදිරියේ පරාජය ලැබුවේය.ඒ ලකුණු 21 – 11 සහ 21 – 12 ලෙසයි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...