නිවාස නොමැති අස්ගිරියේ පවුල් 04ක් සඳහා අස්ගිරි පාර්ශවයෙන් නව නිවාස

Date:

සටහන –නදීක දයා බණ්ඩාර

ස්ථිර නිවාස නොමැතිව මහනුවර අස්ගිරියේ ජීවත්වූ පවුල් හතරක් සඳහා නව නිවාස හතරක් ඉදිකොට ඔවුන්ට ප්‍රදානය කිරීම අස්ගිරි මහ විහාර පාර්ශවය මගින් ඊයේ (18) සිදුකරන ලදි.

එම මහ විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන්ගේ අනුශාසනා පරිදි කාරක සංඝසභාවේ මහා සංඝරත්නයේ දායකත්වයෙන් මෙම නිවාස ඉදිකිරීම සිදුවිය.


නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙම නිවාස ඉදිකිරීම සඳහා පොල්ගොල්ල ජලාශයට නුදුරුව අරුප්පොල ප්‍රදේශයේ ඉඩම් කැබැල්ලක් නොමිලේ ලබාදී ඇති අතර එක් අයෙකුට පර්චස් හයක ඉඩමක් සහිතව නිවසක් ඉදිකළ බව අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික,බදුලු මුතියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.

නිවාස හතර ඉදිකර ඇත්තේ අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභික හිමිවරුන් ගේ මූල්‍ය දායකත්වයෙන් වන අතර ඊට වන ශ්‍රම දායකත්වය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 11 වන සේනාංකය විසිනි.

නිවාස හිමියන් සඳහා එය ප්‍රදානය කළ අවස්ථාවට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද, මහියංගණ රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත, අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද, බදුලු මුතියංගණ රජමහා විහාර භාරකාර පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන, පූජ්‍ය ඇටිපොල මහින්ද යන නාහිමිවරු හිමිවරු ද සහකාර බෞද්ධ කටයුතු කොමසාරිස් බී.එම්.ඒ බණ්ඩාර,ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් සම්පත් බණ්ඩාර ජයසිංහ, යුද හමුදා 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද රණසිංහ, සහකාර නාගරික කොමසාරිස් ප්‍රභාත් මද්දුම ආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් එක්විය.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...

රනිල්ගෙන් විපක්ෂ නායකට ඇමතුමක් ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හැන්දෑවෙ තමන්ගෙ හිතවතෙක්...