පළාත් පාලන මැතිවරණය පවත්වන ආකාරය සහ කාලසීමාව ගැන කොමිසමෙන් ප්‍රකාශයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමක් සිදු නොකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

“පහුගිය පළාත් පාලන මැතිවරණයේ යම්කිසි දුරකට අපි ගිහිල්ලා හිටියේ, තැපැල් ඡන්ද නිකුත් කිරීමේ අවස්ථාව දක්වා. ඒ නිසා අපට ඉදිරි කාලය තුළදී අපට අවශ්‍ය වෙන දින ගණන දින 35 – 40ක වැනි ප්‍රමාණයක්. එවැනි කාලයක් තුළදී අපට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබෙනවා”

ප්‍රශ්නය – ප්‍රධාන පක්ෂවල අය කියනවා පළාත් පාලන මැතිවරණයට අලුතින් නාමයෝජනා කැඳවනවා කියලා. ඒක එහෙමද වෙන්නෙ, නැත්නම් පරණ ලැයිස්තුවලටමද යන්නෙ ?

“කොමිෂන් සභාවට ක්‍රියාත්මක වෙන්න තියෙන්නෙ පවත්නා නීතියත් එක්ක. ඒ අනුව දැනට බලපත්වන්නා වූ පළාත් පාලන නීතියත් එක්ක තමයි අපි කටයුතු කරන්නෙ. විශේෂයෙන් අධිකරණ තීන්දුවක් දීලා තියෙනවා. ඒ අධිකරණ තීන්දුවට අනුකූලව කොමිෂන් සභාවට කටයුතු කරන්න සිද්ධ වෙන්නෙ. විවිධ වේදිකාවල කියන කතා නෙවෙයි අදාළ වෙන්නෙ, නිශ්චිතව සම්මත කරන ලද ලිඛිත නීතිය තමයි අපි ක්‍රියාත්මක කරන්නෙ”

ප්‍රශ්නය – මේ සමහර පක්ෂ දැන් පිල්මාරු කරලා, සමහර අය මියගිහින්, සමහර පක්ෂ නෑ දැන්. මේක ගැටලුවක් නෙවෙයිද ?

“නීතියට අනුකූලව වීම දේශපාලන පක්ෂ විසින් ගතයුතු ක්‍රියාමාර්ගයක්. යම් අපේක්ෂකයෙක් මියගියා නම් ඔහු වෙනුවෙන් කෙනෙක් ආදේශ කිරීමේ හැකියාව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නෑ. පිල් මාරුකිරීම් සහ වෙනත් කාරණා සම්බන්ධයෙන් නීතියේ රාමුව තුළ පමණයි අපට කටයුතු කරන්න හැකියාව තියෙන්නෙ. නීතිය පිළිබඳ අර්ථකථනය එක එක්කෙනාට එක එක ආකාරයෙන් කරන්න පුළුවන්, අපි මෙතන කොමිෂන් සභාව නීතිය දකින ආකාරයට අපි කටයුතු කරනවා. අපි ගන්නා ක්‍රියාමාර්ගවල කිසියම් වැරදි තත්වයක් තියෙනවා නම් ඕනෑම පාර්ශ්වයකට පුළුවන් නීතිය ඉදිරියට ගිහිල්ලා නීතිය අර්ථකථනය කරගැනීමට”

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසුවේ ඊයේ (19) මහනුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌව පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයන් ඇගයූ ජනාධිපති අරමුදල!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක...

ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම සඳහා ADB වෙතින් ඇ.ඩො.මි. 90 ක ණයක්..

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : රට පුරා ග්‍රාමීය...

මහාමාර්ග අංශයේ ප්‍රමුඛ පෙළේ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් 4ක් ප්‍රථම වරට අසාදු ලේඛනයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : මහාමාර්ග අංශයේ ප්‍රමුඛ...

රට තුළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණින් නව වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : රට තුළ මත්ද්‍රව්‍ය...