ලංවීම “ඩීසල්” ගැන කියන කතාව!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ (LNW):

තාප විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සඳහා තරගකාරී ලෙස ඩීසල් මිලදී ගැනීමට එරෙහිව නව කළමනාකාරිත්වය කිසිදු තීරණයක් ගෙන නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය මීට පෙර පැවැති කළමනාකාරිත්වය යටතේ පවා විදුලි උත්පාදනය සඳහා තරගකාරී ලංසු මගින් ඩීසල් මිලදී ගෙන නොමැති බවද එම මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ආයතනික ක්‍රමෝපාය) ඉංජිනේරු ඩබ්ලිව්. එස්. එම්. ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

2024 සැප්තැම්බර් 30 වන දිනට ඩීසල් භාවිතයෙන් විදුලිය නිපදාවා ඇත්තේ 1.1% ක ප්‍රමාණයක් බවද, විදුලිබල මණ්ඩලය දන්වා සිටියි.අතිරේක සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ , ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිපදවීම සඳහා බැරතෙල් (HFO), නැප්තා (Naphtha) ඩීසල් යන ඉන්ධන වර්ග 03 ම භාවිත කරන බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියේ, බැරතෙල් සහ නැප්තා යන ඉන්ධන වර්ග දෙක ඛනිජ තෙල් සංස්ථාව මගින් මිලදී ගන්නා බවත්, තරගකාරී ලංසු තැබීම මගින් ඩීසල් මිලදී ගන්නා බවයි.

මණ්ඩලය සඳහන් කර සිටියේ, ඩීසල් සඳහා පමණක් බෙදා හරින්නන් කිහිප දෙනකු සිටින බවත්, ඔවුන්ගෙන් සමහරක් මෑතකදී සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...