ලංවීම “ඩීසල්” ගැන කියන කතාව!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ (LNW):

තාප විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සඳහා තරගකාරී ලෙස ඩීසල් මිලදී ගැනීමට එරෙහිව නව කළමනාකාරිත්වය කිසිදු තීරණයක් ගෙන නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය මීට පෙර පැවැති කළමනාකාරිත්වය යටතේ පවා විදුලි උත්පාදනය සඳහා තරගකාරී ලංසු මගින් ඩීසල් මිලදී ගෙන නොමැති බවද එම මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ආයතනික ක්‍රමෝපාය) ඉංජිනේරු ඩබ්ලිව්. එස්. එම්. ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

2024 සැප්තැම්බර් 30 වන දිනට ඩීසල් භාවිතයෙන් විදුලිය නිපදාවා ඇත්තේ 1.1% ක ප්‍රමාණයක් බවද, විදුලිබල මණ්ඩලය දන්වා සිටියි.අතිරේක සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ , ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිපදවීම සඳහා බැරතෙල් (HFO), නැප්තා (Naphtha) ඩීසල් යන ඉන්ධන වර්ග 03 ම භාවිත කරන බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියේ, බැරතෙල් සහ නැප්තා යන ඉන්ධන වර්ග දෙක ඛනිජ තෙල් සංස්ථාව මගින් මිලදී ගන්නා බවත්, තරගකාරී ලංසු තැබීම මගින් ඩීසල් මිලදී ගන්නා බවයි.

මණ්ඩලය සඳහන් කර සිටියේ, ඩීසල් සඳහා පමණක් බෙදා හරින්නන් කිහිප දෙනකු සිටින බවත්, ඔවුන්ගෙන් සමහරක් මෑතකදී සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් නිවාස අහිමිවූ වතුකර ජනතාව සඳහා තාවකාලික නිවාස ලබාදීමට සැලසුම්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් විපතට පත්ව නිවාස...

සෝන්ඩර්ස් සහ පෙලිකන්ස් දෙපසින් අපරාජිතව පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: ක්‍රියාත්මක චැම්පියන්ස් ජාතික පාපන්දු...

යළි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඕනේ නෑ. කරන්න ඕනේ මෙච්චරයි – මහා බැංකු අධිපතිගේ සහතිකය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය වසර තුනේ ගෙනගිය ආර්ථික වැඩපිළිවෙල ඉදිරියටත්...

මහනුවර යළි පිබිදෙයි – ශ්‍රී ලයන්ස්ට තවත් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: මහනුවර ක්‍රීඩා සමාජය ගෙවුණු...