*
Sunday, October 20, 2024
spot_img

Latest Posts

සවුදි අරාබියාව ශ්‍රී ලංකාව ඉදිරියේ දැවන්ත පරාජයක් ලබයි – විසුරුවන ලද සංගමයේ සභාපතිත් නිල ඇඳුමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 20(LNW) කොළඹ :

ආසියානු නෙට්බෝල් සූරතාවලියේ ශ්‍රී ලංකාව සහ සවුදි අරාබියාව අතර පැවති තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 118 – 5 ක් ලෙස පහසු ජයක් අත් කර ගන්නට සමත් වෙනවා.තරගයේ අවසාන විනාඩි දෙකක පමණ කාලයක් පන්දුව හරි හැටි කළමණාකරනය කර නොගැනීමෙන් සහ මදක් අලසව සහ නො‘උවමනාවෙන් ක්‍රීයා නොකරන්නට ශ්‍රී ලංකාවට මෙම තරගයේ කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු ගණන වන සිංගප්පූරුව ඉරාකයට එරෙහිව ලබා ගත් ලකුණු 122 ශ්‍රී ලංකාවට පහසුවෙන්ම ඉක්මවා යන්නට තිබුණා.


තරගයේ දෙවන කාර්තුවේදී සවුදි අරාබියාවට එකඳු ලකුණක් හෝ ලබා ගන්නට ඉඩ නොඳුන් ශ්‍රී ලංකාව ලකුණු 32 ක් ලබා ගත් අතර තෙවන කාර්තුවේදී ද ලකුණු 32 ක් ලබා ගත්තේ සවුදි අරාබියාවට එක ලකුණක් පමණක් ලබා ගන්නට ඉඩ දෙමින්.ශ්‍රී ලංකාව තරගයේ පළමු කාර්තුව සහ සිව්වන කාර්තුව යන කාර්තු දෙකම නිමා කළේ ලකුණු 27- 2 ක් ලෙස සටහන් වන ආකාරයට ලකුණු රැස් කරමිනුයි.
සවුදි අරාබියානු ක්‍රීඩා සංස්කෘතියම දක්ෂයන් ආයෝජනය කරමින් සිය රටේ ක්‍රීඩාවේ දීප්තිය වැඩි කර ගැනීමේ ලක්ෂණවලින් පිරී පවතින අතර මේ තරගයේ දී ද එ‘රට නියෝජනය කළේ විශාල වශයෙන් විදෙස් ක්‍රීඩිකාවන්ය.මෙවැනි තත්ත්වයන් තුළ ශ්‍රී ලංකාවේ නෙට්බෝල් පරිපාලනය වියවුල් වීමේ දැඩි අවදානමක් පවතින අතර එවැනි තත්ත්වයක සවුදි අරාබිය අස්ථාවර තත්ත්වයක තුළ ශ්‍රී ලංකාවේ දක්ෂයන්ද ඩැහැ ගැනීමට ඉඩ ඇත.


මේ තත්ත්වය පළමු වරට තරගාවලිය නියෝජනය කරන බහරේන් කණ්ඩායම හරහා ද දැකිය හැකි අතර මේ රටවල් ඇසුරේ මේ වන විටත් ක්‍රිකට් ක්‍රීඩාවට සමබන්ධ වී ජාතික මට්ටමෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටින බව ද සත්‍යයකි. ඒ නිසා ඉතා ඉක්මණින් මේ රටවල් දෙකම නෙට්බෝල් ක්‍රීඩාවෙන් ද ඉහළ දස්කම් දක්වන තත්ත්වයට පත්වීමට ඉඩ ඇති අතර එයට යම් බාධාවක් වුවහොත් සම්ප්‍රදායිකව මුස්ලිම් සමාජයේ කාන්තාවන් දෙවන මට්ටමේ පුරවැසියන් ලෙස සැළකීම හේතු විය හැකි නමුත්,මේ වන විට අරාබි සමාජය බොහෝ දුරට එවැනි දේවල්වලින් දුරස් වෙමින් තිබෙන නිසා ඉදිරියේ දී මැද පෙරදිග නෙට්බෝල් ආසියාවට පමණක් නොව ලෝකයටම අභියෝගයක් විය හැකිය.


මෙවැනි පසුබිමක වැරදි සහ අසමාන සැළකීම් ක්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් ද සිඳුවද්දී,මැද පෙරදිග රටවල් ශ්‍රී ලංකාව වැනි රටවල් දෙසට සිය දෑත් දිගු කරන්නට ඇති ඉඩ සුළු කොට තැකිය නොහැකිය.මෙ‘රට නෙට්බෝල් පරිපාලනයක් නැති අතර ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යටතේ නෙට්බෝල් ක්‍රීඩාව පවතින බවත්,විසුරුවා හරින ලද නෙට්බෝල් පරිපාලනයේ සභාපතිණිය වන ලක්ෂ්මි වික්ටෝරියා මේ තරගාවලිය සඳහා එක් වන්නේ ආසියානු සභාපතිනිය ලෙස යන්නත් සමාජ ගත කරන නෙට්බෝල් සමාජය රවට්ටන්නට හදන වපසරියක ලෝකය කුඩා විමෙන් ඒවා වියැකී යන්නේය.මේ සමඟ ඇති ඡායාරූපයේ දකින්නේ ලක්ෂ්මි වික්ටෝරියා ආසියානු සභාපතිවරිය ලෙස නොව ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කණ්ඩායමට ලබා දී ඇති නිල බස් රථයෙන් තරගාවලියට පැමිණෙන ආකාරයය.

එසේම ඇය ඇඳ සිටින්නේ ද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කණ්ඩායමට අයත් නිල ඇඳුමය.අතුරු පාලනයක් ඇති පරිපාලනයක,විසුරුවා අවලංගු කර ඇති සංගමයක නිලධාරිණියකට එම කණ්ඩායම සමඟ නිල මුහුණුවරකින් පෙනී සිටීමට ක්‍රීඩා අමාත්‍යංශය අවසර දි ඇද්ද?එසේත් නැත්නම් අමාත්‍යංශයේ අනුමැතියක් නැතිව හිතුමතේ බලය පාවිච්චි කිරිමක් ද යන්න ගැන අදහසක් ඉදිරිපත් කළ යුතුව ඇත්තේ ක්‍රීඩා අමාත්‍යංශය ය.එහෙත් ඡන්දය දෙසට හිත යොමු කරනු විනා අලුත් අගමැතිණිය මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරිය ක්‍රීඩාවන් හී පවතින පරිපාලන ගැටළුවලට හිත යොමු නොකරන බවක් දැකිය හැකිය.
මේ අතර ඊයේ පැවති සමස්ත තරග ලකුණු සටහන ඡායාරූපයක් විදිහට මෙහි දක්වා ඇති අතර අද ශ්‍රී ලංකාව ගැටෙන්නේ සත්කාරක ඉන්දියාව සමඟය.ඔවුන් පිලිපීනය සමඟ තරගයෙන් ලකුණු 43-50 ක පරාජයක් ද ජපානය සමඟ වූ තරගයෙන් ලකුණු 55 – 22 ක් ජයග්‍රහණයක් ද ලබා සිටියි.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan