*
Sunday, October 20, 2024
spot_img

Latest Posts

කාන්තා ලෝක කුසලාන අවසාන තරගයේ ලංකාවටත් ඉඩක්

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 20,(LNW) කොළඹ :

ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා අවසාන තරගය අදයි.අවසාන තරගයට පිවිස සිටින්නේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව වුව ද,ශ්‍රී ලංකාවේ නම ද මේ අවසාන තරගය හා පාහන්නට ශ්‍රී ලාංකේය කාන්තාවකට ද හැකි වී ඇත.ඒ නිමාලි පෙරේරා ය.ඇය මේ තරගාවලියේ දී විනිශ්චය කරන ලද තරගවලදී දුන් බොහෝ තීරණ විචාරකයන්ගේ ද ඇගයීමට ලක්වන අවස්ථා තිබිණි.


මෙම ලෝක කුසලාන තරගය විශේෂිත එකකි.මේ තරගයට මුහුණ දෙන කණ්ඩායම් දෙකෙන් කවුරුන් ජයග්‍රහණය කළ ද,ඒ කණ්ඩායම ලෝක කුසලානය දිනා ගන්නේ පළමුවරට ය.එහෙත් මේ කණ්ඩායම් දෙකම මීට පෙර අවසාන තරගයට පැමිණ අනු සූරතාවය දිනූ කණ්ඩායම් නිසා අවසාන තරගය තියුණු මුහුණුවරක් ගන්නවා සැක නැත.නවසීලන්තය 2009 සහ 2010 වසරවලදී අනු සූරතාවය දිනා ගෙන ඇති අතර මේ ඔවුන් අවසාන තරගයක් නියෝජනය කරන තෙවන අවස්ථාවය. දකුණු අප්‍රිකාව අනු සූරතාවය දිනාගෙන ඇත්තේ 2023 වසරේ බැවින් ඔවුන් මේ පිට පිටම අවසාන තරගයට මුහුණ දෙන්නේ දෙවන වතාවටය.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan