Julius Maada අද දිවයිනට!

0
320

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20,කොළඹ (LNW):

අද (20) පස්වරුවේ, Sierra Leone ජනාධිපති ජුලියස් මාඩා වොනියෝ දිවයිනට පැමිණීමට නියමිතයි.

සැමෝවා හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට පිටත්ව යන අතරතුර සියෙරා ලියෝන් ජනාධිපතිවරයා මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ඔහු පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන අතර හෙට දිනයේ දී සැමෝවා රාජ්‍යය බලා පිටත්ව යනු ඇති බව සඳහන් වේ.

දිවයිනට පැමිණෙන සියෙරා ලියෝන් ජනාධිපතිවරයා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට ද නියමිතව ඇති බව වාර්තා වේ.