මත්පෙති බෙදාහැරීමේ ජාවාරමේ ගිය අයෙක් මත්පෙති 359,000 ක් සමඟ අත්අඩංගුවට!

0
109

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW :

වවුනියාව පොලිසිය පැවසූවේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදි , උතුරු පළාත තුළ මත්පෙති බෙදාහැරීමේ ජාවාරමක නිරතවු පුද්ගලයෙකු මත්පෙති 359,000 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

පොලිසිය සඳහන් කර සිටියේ, සැකකරු කල්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක පුද්ගලයෙකු වන අතර, කල්පිටිය ප්‍රදේශයේ සිට උතුරු පළාත තුළ මත්පෙති බෙදාහැරීමට පැමිණ ඇති බවයි.පොලිසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරු මත්පෙති බෙදාහැරීමට යොදාගත් කැබ් රථයද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි,

සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වවුනියාව පොලිසිය විසින් සිදුකරනු ලබන බව වාර්තා වේ.