ධීවර සහ කිතුල් යන ක්ෂේත්‍ර වෙත රක්ෂණාවරණයක්!

කොළඹ LNW: මධ්‍යම කඳුකරයේ මිරිදිය ධීවර කර්මාන්තකරුවන් සහ කිතුල් කර්මනේතකරුවන් ආවරණය වන පරිදි නව රක්ෂණාවරණ දෙකක් හදුන්වාදීමට කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.

මුහුදුකරයේ ධීවර ප්‍රජාව ඉලක්ක කොට දැනට ක්‍රියාත්මක ධීවර රක්ෂණාවරණය රට තුළ ක්‍රියාත්මක කීරීම ආරම්භ කළ බවත් ඒ අනුව මධ්‍යම කඳුකරයේ වික්ටෝරියා ඇතුලු ජලාශ කේන්ද්‍ර කොට මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස් රක්ෂණය කරන බව එම මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් අධ්‍යක්ෂ රජීව කුලරත්න මහතා පැවසීය.

වෙරළ බඩ ප්‍රදේශවල ධීවරයන් රැසක් සිය ජීවිත රක්ෂණය ලබා දෙන ඇතැයි කී ඒ මහතා එවැනි ආරක්ෂාවක් මිරිදිය ධීවර ප්‍රජාව වෙත අවශ්‍ය වන බැවින් එය රට තුළ ද ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය.

එමෙන්ම කිතුල් කර්මාන්තයේ යෙදෙන නිෂ්පාදකයන් වෙනුවෙන් ද ජීවිත රක්ෂණයක් හදුන්වා දී ඇතැයි කී ඒ මහතා සුළු ගෙවීමක් මගින් රුපියල් මිලියන දෙකක පමණ ප්‍රතිලාභයක් මෙම රක්ෂණ ක්‍රම දෙක මගින් ප්‍රතිලාභීන්ට හිමිවන බව සඳහන් කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...