නෙත්මි පදක්කමකට පියවරක් පසුපසින්

Date:

ලෝක මල්ලව පොර සූතරවලියේ කිග්‍රෑම් 55 බර පංතියෙන් තරග බිමට පිවිසි පොදු රාජ්‍ය මණ්ඩලිය පදක්කම්ලාභිණි නෙත්මි අහිංසා ප්‍රනාන්දු එහිදී ද ලෝකඩ පදක්කම සඳහා තරග වැදීමට සුදුසුකම් ලබා සිටියි.එහිදී ඇයගේ ප්‍රතිවාදිණිය වන්නේ ඇලීෂා සූ හෝක් ය.මේ දෙදෙනාම ලෝකඩ පදක්කම සටන සඳහා තල්ලු කරමින් පරාජයට පත් කළේ මෝල්ඩාවේ සමොයිල් ය.

සමොයිල් හා නෙත්මි අතර පැවති අර්ධ අවසන් පූර්ව වටයේදී පරාජයට පත් වූව ද, පළමු තරග වටය නිමාවන විට නෙත්මි ලකුණූ 7 – 6 ක් ලෙස පෙරමුණේ සිටියාය.නෙත්මිට වඩා ජාත්‍යන්තර තරග අත්දැකීම් ඇති මෝල්ඩා ක්‍රීඩිකාව දෙවන වටයේදී මෝල්ටා ක්‍රීඩිකාව සියලු හැකියාවන් පාමින් ලකුණු 9 ක් එක් කර ගත්තේ නෙත්මිට ලකුණු 2 ක් පමණක් ලබා ගන්නට අවස්ථාව සළසමින්ය.
මෙ සටහනෙ එන ඡායාරූපය ඇය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසිම සඳහා පිවිසීම සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා කොළොමිඹියාවේ ටටියානා හර්ටාඩෝ පරාජය කර අවස්ථාවේ ගත් එකකි.ඇය නෙත්මි ඉදිරියේ 7 – 2 ක් ලෙස පරාජයට පත් වූවාය.පහතින් දැක්වෙන්නේ නෙත්මි මෝල්ඩා ක්‍රීඩකාව සමඟ තරගයේ ප්‍රථම වටයේ ඉදිරියෙන් සිටි අවස්ථාව සහතික කරන ඡායාරූපයකි.

එසේම කිග්‍රෑම් 53 බර පංතියේ තරග වදින චමෝද්‍යා කේෂානි ද අද තරග බිමට එකතුවන අතර ඇය මූලික වටයේදී තරග වදින්නේ මෙක්සිකෝවේ ෂෙල්ට්ෂින් හර්නැන්ඩස් සමඟය.
තරගාවලිය පැවත්වෙන්නේ ස්පාඤ්ඤයේ පොන්ටෙවෙඩ්රා හී දී ය.පොදු රාජ්‍ය මණ්ඩලිය තරගාවලිය නියෝජනය නොකරන,රටවල් සියල්ලම පාහේ මෙම තරගාවලිය නියෝජනය කරන බැවින් මෙමතරගාවලියේ අභියෝගය වඩාත් විශාල එකකි.ඒ නිසා නෙත්මි මේ වන විටත් මෙහි තරගයක් ජය ගෙන තිබීම යනු ඇය අනාගයට කෙතරම් වැදගත් ක්‍රීඩිකාවක්ද යන්න පැහැදිළි කිරීමකි.අපි අද දවසේ ඇයට ශ්‍රී ලංකාවේ මල්ලව පොර ඉතිහාසයේ තවත් ස්වර්ණමය මතක සටහනක් ලියන්නට හැකි වේවා යැයි සුබ පතමු.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...