ඉන්ධන මිලදී ගැනීමට රුසියාවෙන් දිගු කාලීන ණය පහසුකමක් !

Date:

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා දිගු කාලීන ණය පහසුකමක් ලබාගැනීම සම්බන්ධයෙන් රුසියානු මුදල් අමාත්‍යාංශය සමග සාර්ථක සාකච්ඡාවක් පැවැත්වූ බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනී මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට සහභාගී වී ඇති අතර මෙම අසීරු අවස්ථාවේදී ඉන්ධන මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට මෙවැනි ණය පහසුකමක ඇති වැදගත්කම ඒ මහත්මිය එහිදී අවධාරණය කර ඇත.

ඒ අනුව, එම ණය පහසුකම ලබාගන්නා ආකාරය සහ ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් රුසියානු මුදල් අමාත්‍යාංශය සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයෙන් දැක්වෙන්නේ,

රුසියානු මුදල් නියෝජ්‍ය අමාත්‍ය මැක්සිමොව් ටිමුර්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් යන මහත්වරුන් ඇතුළුව එරට මුදල් අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් කිහිපදෙනෙකු ද මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...