ප්‍රියමාලිගේ වංචාවට සම්බන්ධ ජානකී බේරාගන්න ලොක්කන් පිරිසක් බරටම වැඩ !

Date:

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින තිළිණි ප්‍රියමාලිට සෘජුවම ආධාර අනුබල සැපයූ බවට කරුණු අනාවරණය වී ඇති ජානකී සිරිවර්ධනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම සඳහා දේශපාලන ප්‍රබලයින් දැඩි උත්සාහයක නිරත වී සිටින බව ආරංචිමාර්ග පවසයි.

ජානකී සිරිවර්ධන යනු ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂවරියයි.

ඇයගේ මුදල් ගනුදෙනු ගැන රටට අනාවරණය වුවහොත් මෙරට ප්‍රබලතම දේශපාලන පවුලක් බරපතළ අමාරුවක වැටීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව ඇයව අත් අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා එම ප්‍රබල දේශපාලන පවුල දැඩි මැදිහත්වීමක් සිදුකරමින් සිටින බවත් වාර්තා විය.

පොලිසිය මේ වනතෙක්ම ජානකී සිරිවර්ධනගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇතිවා විනා ඉන් ඉදිරියට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන සටන් විරාමයකට එකඟ නොවන්නේ නම් පුටින්ට ‘ඉතා දරුණු ප්‍රතිවිපාක’ වලට මුහුණ දීමට සිදුවන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සෙවනගලත් පැල්වත්තත් ප්‍රශ්න රැසක. රජයට අබමල් රේණුවක හැඟීමක් නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සෙවනගල සිනි කර්මාන්තශාලාවේ යන්ත්‍ර 2න් 1ක්...

කණ්ඩලමේ හැඩකාරයාත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල ''කණ්ඩලමේ හැඩකාරයා'' නමින් හැඳින්වුණු වන අලියා...

මන්නාරමේ සුළං විදුලි බලාගාර දෙකේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය...