*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/20

1. අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් 69 වන වියේදී අපවත් වෙති -අවසන් කටයුතු ඔක්තෝබර් 22 වැනිදා අනුරාධපුරයේදී.

2. ඉන්දියාව මාස 06ක් තුළ ඇ.ඩො. බිලියන 3.8 ට වඩා අරමුදල් “මුදල්” ලෙස ලබා නොදුන්නේ නම් ශ්‍රී ලංකාව මීට හාත්පසින්ම භයානක තත්වයකට පත් වනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ප්‍රකාශ කරයි – 2021 ඔක්තෝබර් සිට 2022 අප්‍රේල් දක්වා කාලය තුළ ඉන්දියානු මහ බැංකුවේ මුදල් හුවමාරුවක් (SWAP) ලබා ගැනීම, ආසියානු නිෂ්කාශන සංගමය හරහා ගෙවීම් කල් දැමීම සහ ඉන්ධන සහ වෙළඳ මූල්‍ය සහාය ලබා ගැනීම ආදී ක්‍රම වලින් ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකාවට ලැබිණි -යෝජිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආධාරය වසර 4ක කාලයකට සහ අධික කොන්දේසිවලට යටත්ව ඇ.ඩො. බිලියන 2.9ක් පමණි.

3. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණයහිමියන් තිදෙනා වන ජපානය, චීනය සහ ඉන්දියාව සමඟ පොදු වේදිකාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි – රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ද පවසයි – රටට බලපාන දුෂ්කර කාලය නොවැළැක්විය හැකි බව අනතුරු අඟවයි.

4. “ආර්ථික අර්බුදය තවදුරටත් බරපතල වූවහොත් හෝ දිගටම පැවතියහොත් පාරිභෝගික භාණ්ඩ සිල්ලර වෙළඳාම, බලශක්ති උත්පාදනය සහ නිවාස ඉදිකිරීම ආදී ක්ෂේත්‍රවල තිබෙන ශ්‍රේණිගත ශ්‍රී ලාංකීය ආයතන  වඩාත් පීඩාවට පත් වනු ඇතැයි” ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය අනතුරු අඟවයි.

5. පිරිනමනු ලබන රු. බිලියන 75 ක් වූ භාණ්ඩාගාර බිල්පත්වලින් ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගනු ලබන්නේ රු. බිලියන 16 ක් පමණි –  රු. බිලියන 59ක් තරම් වූ දැවැන්ත මුදලක් අහිමි වී ඇත – පොලී අනුපාත නොවෙනස්ව තබා ගනී – පොලී අනුපාත මාස 03 ට සියයට 33; මාස 06 ට සියයට 32.5; අවුරුදු 01 ට සියයට 29.6 – බිල්පත් මුද්‍රණය මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ යටතේ දිනකට රු. බිලියන 3.5 බැගින් මේ වන විට රු. බිලියන 654 තරම් වූ අතිවිශාල අගයක් දක්වා ඉහළට!

6. දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන 2022 සංචාරක රූ රැජින (Miss Tourism 2022) කිරුළ සඳහා රටවල් 80 ක සුරූපී කාන්තාවන් ශ්‍රී ලංකාවේ දී තරඟ වදින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ප්‍රකාශ කරයි.

7. පාර්ලිමේන්තුවට සමාන “මහජන සභාවක්” පිහිටුවීමට ව්‍යවස්ථාමය ප්‍රතිපාදන නොමැති බව සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත් ප්‍රකාශ කරයි!

8. දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවට – ආර්ථිකය යළි ගොඩනැගීමේ ජනපතිගේ උත්සාහය අගය කරයි – වත්මන් අර්බුදයෙන් රට ගොඩගැනීමට සුදුසුම පුද්ගලයා ජනපති බව ද කියා සිටී.

9. රුසියාවේ ශ්‍රී ලංකා තානාපති, මහාචාර්ය ජනිතා ලියනගේ රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට දිගුකාලීන ණය පහසුකමක් ලබා ගැනීමේ වැදගත්කම රුසියානු රජය සමඟ සාකච්ඡා කරයි.

10. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අධිකරණ ඇමතිනී තලතා අතුකෝරළ රටේ බන්ධනාගාරවල කාන්තා වාට්ටු ඔවුන්ගේම වෙනම පරිශ්‍රයකට රැගෙන යන ලෙස ඉල්ලා සිටී – එය “සියලු දෙනාටම යහපතක්” වනු ඇතැයි පවසා සිටී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan