බැසිල්ගේ හයිය මදිවෙයි. කෙහෙළියට යන්නම වෙයි ??

Date:

සෞඛ්‍ය ඇමති තනතුරේ වෙනසක් ඉක්මනින්ම සිද්ධ වෙනවා කියලා ආරංචියි.

“ඉස්පිරිතාලවලට යන හැමෝම පණ පිටින් එන්නේ නෑ, ඉස්පිරිතාල ගාව මල්ශාලා තියෙන්නෙ ඒකයි” කියලා කියපු කෙහෙළිය රඹුක්වැල්ල ඒ කතාවෙන්ම මෑත කාලයේ ආණ්ඩුවට කරන්න පුළුවන් ලොකුම හානිය කළා. කෙහෙළියව අයින් කරන්න කියලා විපක්ෂයෙන් වගේම ආණ්ඩුව ඇතුළෙනුත් රටේ ලොක්කාට සෑහෙන බලපෑමක් තිබුණු බව රහසක් නෙවෙයි.

ඒත් කෙහෙළිය මෙච්චර කාලයක් අල්ලාගෙන හිටියේ බැසිල් නිසා කියලායි ආරංචිමාර්ග කියන්නේ. කෙහෙළියව ඔතනම තියන්න කියලා මෑත දවසකත් බැසිල් රටේ ලොක්කා හම්බුවුණු වෙලාවේ කිව්වා ලු.

කොහොම වුණත් දැන් නම් වැඩේ දෙල් කියලා තමයි ආරංචි. සෞඛ්‍ය බාරගන්න කියලා ආරාධනා ලැබිලා, ඒක ප්‍රතික්ෂේප කරපු දකුණු පළාතේ දොස්තර මහත්තයා දැන් ඒකට එකඟ වෙලා ලු.

අන්තිමේ කෙහෙළිය කළේ එක වැඩයි කියලායි ආණ්ඩුවේම සමහරු කියන්නේ. ඒ, අර නාථ දෙයියන්ගෙන් අහලා ලෙඩ ගැන කියන සුමන මහත්තයාව ගොඩදාපු එකලු. නැත්තං ලංකාවේ එපාම කරපු සෞඛ්‍ය ඇමති හැටියට ඉතිහාසයට එකතු වෙන්න හිටියේ එයාලු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරක්: එක් අයෙකු ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක නොවැම්බර්10, කොළඹ LNW : බස් රථයක් අඩි...

මේ රජය යන මාර්ගය හොඳයි.එක හැන්දෙන් බෙදන බව පේනවා – සරත් ෆොන්සේකා

කොළඹ LNW: මෙතෙක් කාලයක් පැවති රජයන් වලට වඩා වර්තමාන...

බන්ධනාගාර ගැන ඇහෙන අමුතු කතා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW : ගාල්ල බන්ධනාගාරයේ හෝ...

මාක්ස්වාදී හිසකට නව ලිබරල් ඇඟක් !

උපාලි කොළඹගේ කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත්දා සිය දෙවැනි...