මහමැතිවරණයෙන් පසු අලුත් ආණ්ඩුවේ අගමැති ගැන ඇමති විජිතගෙන් ප්‍රකාශයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නව රජය දෙසැම්බර් මාසයේදී අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති අනුව සැකසෙන මූල්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන්නේ ලබන වසරේ මුල අයවැයක් ඉදිරිපත් කිරීමෙන් පසුව බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

“අපි දෙසැම්බර් මාසෙ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා. ඒකෙ තියෙන්නෙ කෙටිකාලීන ආදායම් සහ වියදම් පිළිබඳ වාර්තාවක් පමණයි. නමුත් අපේ ප්‍රතිපත්තිත් එක්ක දීර්ඝ කාලීන මූල්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නෙ අපි ඊළඟ අවුරුද්ද ආරම්භයේ ඉදිරිපත් කරන අයවැයත් එක්ක”

ප්‍රශ්නය – මහමැතිවරණයෙන් පසු අගමැතිතුමා ඔබද ?

“මහමැතිවරණයෙන් පස්සේ මේ රටේ බොහෝ දේවල් වෙනස් වෙනවා, අලුත් කැබිනට් මණ්ඩලයක් පත්වෙනවා. 25 දෙනෙක්ගේ කැබිනට් මණ්ඩලයක්. එතකොට අලුත් ගමනක් අපට යන්න පුළුවන් වෙනවා. හරිනි අමරසූරිය මහත්මිය, එදාටත් අගමැතිනිය එතුමියම තමයි”

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ පෙරේදා (19) රාත්‍රියේ කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...