හිටපු මන්ත්‍රී ගම්මන්පිලගෙන් විශේෂ මාධ්‍ය හමුවක්!

Date:

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් මේ වන විට විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සිටියි.

තමන් කියූ පරිදිම මෙතෙක් හෙළිනොකළ පාස්කු විමර්ශන වාර්තා අද දින ප්‍රසිද්ධ කරන බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධ ඒ.එන්.ජේ ද සිල්වා වාර්තාව ප්‍රසිද්ධ කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇත්ත දැනගැනීමේ අයිතිය ජනතාව සතු වන අතර මෙම වාර්තා අනාවරණය නොකිරීමෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවයි ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව මෙම වරද ජනාධිපතිවරයා සිය ධූරයෙන් නෙරපා හැරීම සඳහා දෝෂාභියෝගයක් ගෙන ඒමට ප්‍රමාණවත් බවද ඔහු කියාසිටියි.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පත් කිරීම ගැනද ගම්මපිල මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේදී අභියෝගයට ලක් කළේය.

රවී සෙනෙවිරත්න මහතාගෙන් පාස්කු යුක්තිය අපේක්ෂා කළ නොහැකි බවයි ඔහු පැවසුවේ.

හිටපුමන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් අද මෙලෙස මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළද ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේදී පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කළ අතර මේ වන විට නිවැරදි නිලධාරී යාන්ත්‍රණයක් ඔස්සේ විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන විට වසර පහක් පුරා කෝමා වී සිටි ඇතැමුන් අවදි වී සිටින බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...