ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුස්සෙකු බවට පත් කෙරේ – පාකිස්ථාන් මැතිවරණ කොමිසම

Date:

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දූෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් වැරදිකරු බවට ඒකමතිකව මැතිවරණ කොමිසම විසින් තීරණය කිරීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට පත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙහිදී හිටපු අගමැතිවරයා විදේශ ප්‍රභූවරුන්ගෙන් ලබා දුන් තෑගි රජයේ තෑගි තැන්පතුවෙන් මිල දී ගෙන, වංචා සහගතව ඒවා සැඟවීම සම්බන්ධයෙන් මෙලෙස චෝදනා ලබා ඇත.

මැතිවරණ කොමිසම විසින් ලබා දෙන ලද මෙම තීන්දුව ඛාන්ගේ පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පකිෂය විසින් ප්‍රතික්ෂප කර ඇති අතර ඔවුන් මෙම තීන්දුව අභියෝගයට ලක් කිරීම සඳහා ඉස්ලාමාබාද් මහාධිකරණයට අභියාචනයක් ගොනු කිරීමටද නියමිත බව පැවසේ. මීට අමතරව PTI පක්ෂය විසින් මීට විරෝධය ප්‍රකාශ කිරීමට වීදි බසින ලෙසද සිය පක්ෂ සාමාජිකයන්ගෙන් ඉල්ලා ඇත.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...