22 වැනි සංශෝධනයේ අයිතිය ජන අරගලය සතුයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

ලක්ෂ 69 ජනාධිපති වරම සහ ලක්ෂ 68ක මහමැතිවරණ වරම විනාශ කළ ඔවුන් තනි මතයට දරදඩු තීන්දු තීරණ ගැනීම නිසා ජනතා අරගලයක් ඇති වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මොල හතා යැයි කිවූ මුදල් ඇමතිවරයාත් මහරාජයැයි කියූ අගමැතිවරයාත් උද්දච්ච ජනාධිපතිවරයාත් ඔවුන්ගේ වහල්ලු කණ්ඩායමත් පළා ගිය බවත් එබැවින් 22 වැනි සංශෝධනයේ සම්පූර්ණ අයිතිය හිමි විය යුත්තේ අරගලයේ නිරත තරුණ තරුණියන් ඇතුළු පුරවැසියන්ට බවත් එම ජන අරගලයට එහි අයිතිය හිමි විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ අවස්ථාවේ සමගි ජන බලවේයේ ස්ථාවරය වන්නේ 20 හෝ 22 නොව 21 බවත් එසේ වුවත් 22 වැනි සංශෝධනයට සහාය පළ කරන්නේ 22 වැනි සංශෝධනය නිවැරදිම විසදුම නොවුණත් එය 20 වැනි සංශෝධනයට වඩා හොද එකක් බැව් පෙනී යන නිසා බවත් අද (21) විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

විධායක බලතල උපරිම අයුරින් ලබා ගැනීමට සහ හොඳටම කරන්න කියා බොරු බේගල් ඇද බාපු අය විසින් මේ වන විට අපේ රට බංකොලොත් කළ බවත් හොදටම කරා නම් මේ වන විට 20 ප්ලස්වත් ගෙන ආ යුතු බවත් එසේ නොකළ නිසා අවසානයේ ඔවුන්ට ජනතා අරගලය හමුවේ පළා යාමට සිදු වූ බවත් එසේ පළා ගිය ද ඔවුන් මේ වන විට නැවතත් වක්‍ර ආකාරයට රට විනාශ කිරීමේ මෙහෙයුම් අරඹා ඇති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

අරගලයට පිං සිදුවෙන්න බලයට පැමිණි වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැයි 9 ප්‍රහාරය අවස්ථාවේ ප්‍රහාරයක් නිසා මිය ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අතුකෝරළ මැතිතුමාට වන්දි පිරිනැමුවත් ගෑස් පිපිුරුම නිසා මිය ගිය අයට, තුවාල වුණ අයට, පොලිම්වල මිය ගිය අයට, පොහොර නොමැතිව වගා පාලු වුණ අයට වන්දි ලබා දීම තවම සිදු වී නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ 225ට වරප්‍රසාද වරදාන ලබා දෙනවා සේම ලක්ෂ 220ක් වූ ජනතාවටත් වරප්‍රසාද වරදාන ලබා දිය යුතු බවත් අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...