22 තෙවැනිවර කියවීමත් සම්මතයි. ඡන්ද සංඛ්‍යාවේ සුළු වෙනසක් !

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදීත් වැඩි ඡන්දයෙන් සම්මත විය.

කාරක සභා අවස්ථාවේදී එම කෙටුම්පතට සංශෝධන කිහිපයක් මන්ත්‍රීවරුන්ගේ එකඟතාව මත එක් කෙරුණු අතර ඊට පසුව පැවති තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 174 ක් ලැබී තිබුණු අතර ඊට විපක්ෂව ඡන්ද කිසිවක් ලැබී තිබුණේ නැත. එක් මන්ත්‍රීවරයකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී තිබිණි.

මෙම පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේ ඡන්ද ප්‍රකාශයට පත්වී තිබුණේ ඊට පක්ෂව ඡන්ද 179ක් සහ විරුද්ධව ඡන්ද 01ක් වශයෙනි. ඒ අනුව තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ඡන්ද සංඛ්‍යාවෙහි සුළු වෙනසක් සිදුව ඇත.

RN