*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

12 වන ආරක්‍ෂක සේවා ක‍්‍රීඩා තරගාවලියේ සමාරමිභක උළෙල – 2022

ලාංකේය දේශපාලන වපසරිය තුළ ක්‍රීඩකයාගේ ජීවත්වීම තීරණය කරන්නට පුළුල් ඉඩකඩක් නැති අතර මේ නිසා ක්‍රීඩාවේ නියැලීම යන්න හමුදාවේ රැකියාවක් යන මට්ටමට ක්‍රීඩාවේ රැදී සිටීමේ මාර්ග පටු වී ඇත.මේ නිසා ත්‍රිවිධ හමුදාවන් ක්‍රීඩාවේ ආධිපත්‍යය දරන අතර බොහෝ ක්‍රීඩාවල අංක එකේ දක්ෂයන් හමුදාවන් සතුව සිටීම තීරණය වන්නේ මේ වපසරියට අනුවය.කෙසේ හෝ මේ තත්ත්වය නිසා ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය යනු සෑම කීඩාවකම දක්ෂයන් එකිනෙකා ගැටෙන සුවිශිෂ්ඨ තරගාවලියක් වන අතර මෙවර එම කීඩා උළෙල සංවිධානය කිරීමේ වගකීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පැවරී ඇත.
එහි සමාරම්භය, පනාගොඩ ශ්‍රී ලංකා යුධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරක්ෂක ලේකම් (විශ‍්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න මැතිතුමන් ගේ ප‍්‍රධානත්වයෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් ශවෙින්ද්‍ර සිල්වා ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වර්ථමාන සභාපති මෙන්ම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, යුධ හමුදාපති ලෙෆ්ටිනන් ජෙනරල් විකුමි ලියනගේ මෙන්ම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යන නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් 2022 ඔක්තෝමිබර් මස 19 වන දින අභිමානවත් අයුරින් සටහන් කරන ලදි.

ක‍්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය විසින් නිර්දේශ කර ඇති වාර්ෂික ක‍්‍රීඩා සැලසුමට අනූව තෙවන වැදගත්ම තරගාවලිය ලෙස මෙම ආරක්ෂක සේවා ක‍්‍රිඩා තරගාවලිය හදුන්වා දී ඇති අතර ශ‍්‍රී ලංකාව තුළ පැවැත්වෙන ක‍්‍රීඩා තරග අතරින් විශේෂ අවධානයක් දිනා ඇති ආරක්ෂක සේවා ක‍්‍රීඩා තරගාවලිය සදහා මෙවර ද ජාතික හා ජාත්‍යන්තර තරග සදහා සහභාගී වු අත්දැකම් බහුල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් විශාල පිරිසක් මෙන්ම යුධ, නාවික හා ගුවන් හමුදාවන් හි නවක ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් විශාල පිරිසක් ද සහභාගිවිමට නියමිතය.

ත‍්‍රිවිධ හමුදාවන් හි හමුදාමය රාජකාරි සදහා ඉදුරාම බදවාගනු ලබන සමාජිකයින්ගේ ක‍්‍රිඩා හැකියාවන් හදුනාගනිමින් ඔවුන්ගේ දක්ෂතාවයන් ඔපමටිටමි කිරිම සදහා ත‍්‍රිවිධ හමුදා ක‍්‍රිඩා කවුන්සලයන් විසින් සුවිශාල කාර්යය භාරයක් සිදු කරනු ලබන අතර එහි සාර්ථකත්වය මැන බලන ක‍්‍රිඩා තරගාවලිය ලෙසද මෙම ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරගාවලිය හැදින්විය හැක.

මෙම ආරක්‍ෂක සේවා තරගාවලියේ දක්ෂතා දක්වමින් ජාත්‍යන්තර තරග නියොජනය කිරිමට සුදුසුකමි ලැබු ත‍්‍රිවිධ හමුදා ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් ඉතිහාසය පුරාවට තම දේශය වෙනුවෙන් පදක්කමි විශාල ප‍්‍රමානයක් ජයග‍්‍රනය කර අති අතර ඒ සදහා ශ‍්‍රි ලංකා යුධ හමුදා ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් පදක්කමි 272 ක් ද ශ‍්‍රි ලංකා ගුවන් හමුදා ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් පදක්කමි 40 ක් හා ශ‍්‍රි ලංකා නාවික හමුදාව ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් පදක්කමි 30 ක් ජයග‍්‍රහනය කර ඇත

ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ ක‍්‍රීඩා තරග ඉසව් 39 ක් යටතේ තරග පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇති අතර 2022 ඔක්තෝමිබර් මස 26 වනදා සිට 2023 ඔක්තෝමිබර් මස දෙවන සතිය දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතය.

ක්‍රීඩා ක්ෂේත‍්‍රයේ සියලූ දෙනාගේ අවධානය දිනා ඇති මෙම ක‍්‍රිඩා තරගාවලියේ සමාරමිභක උළෙල සදහා ත‍්‍රිවිධ හමුදා ක‍්‍රිඩා සංචිතයන්හි සභාපතිවරුන්, ආරක්‍ෂක සේවා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් සහ එයට සම්බන්ධ සියළුම නිලධාරීන්වරුන් මෙන්ම ත‍්‍රිවිධ හමුදා ක‍්‍රිඩා සංචිත නියෝජනය කරමින් ක‍්‍රිඩක ක්‍රීඩිකාවන් පිරිසක් ද සහභාගි විය.එහිදී ක්‍රීඩා ප්‍රතිඥාව හිටපු ශ්‍රී ලංකා දැල්පන්දු නායිකා ගුවන් හමුදාවේ ස්කොන්ඩ් ලීඩර් චතුරංගි ජයසූරිය විසින් ලබා දෙන ලදී.
ක්‍රීඩා උළෙලේ ආලෝකමත් බලාපොරොත්තු අවදි කරමින් ඔලිම්පික් පහන දැල්වීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවක්,යුද හමුදා ක්‍රීඩකයෙක් සහ නාවික හමුදා ක්‍රීඩකයෙක් සහභාගි විය.ගුවන් හමුදාව වෙනුවෙන් එක් වුයේ ආසියාතික දැල්පන්දු සූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකාවක වූ කෝප්‍රල් රශ්මි දිව්‍යාංජලී ය.ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී බර එසැවීම ක්‍රිලෝ ග්‍රෑම් 55 බර පංතියේ ලෝකඩ පදක්කම දිනා ගත් කෝප්‍රල් දිලංක ඉසුරු කුමාර ඊට එක් වූ අතර නාවික හමුදාව නියෝජනය කරමින් ඒ සඳහා එක් වූයේ වුෂු ක්‍රීඩක සුළු නිලධාරි පැතුම් නුවන් බලවර්ධනය.ඔහු ආසියානු මට්ටමේ සිව්වන තැනට පත් සහ ලෝක මට්ටමේ එම ඉසව්වේ පස්වන තැනට ශ්‍රේණිගතව සිටින ශ්‍රී ලංකා වුෂු කණ්ඩායමේ නායකයාය.
එම සමාරම්භක උළෙලේ ඡායාරූප කිහිපයක් මේ සමඟ දැක්වෙන අතර වීඩියෝවේ දැක්වෙන්නේ,චතුරංගි ජයසූරිය ක්‍රීඩා ප්‍රතිඥාව ලබා දුන් අවස්ථාවය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan