ඩයනාගෙන් පැමිණිල්ලක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සමගි ජන බලවේගයේ සුජිත් සංජය පෙරේරා හා රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් තමාට පහර දුන් බව පවසමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

මේ අතර අදාළ සිද්ධියෙන් පසු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ප්‍රථිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්ව තිබුණි. ඉන් පසු ඇය ප්‍රථිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවයි වාර්තා වන්නේ.

අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා හා රාජ්‍ය අමාත්‍යවරිය අතර ඇති වූ මත ගැටුමක් පිළිබඳ දර්ශනපෙළක්, මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරන අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් ලබන සඳුදා විමර්ශන ආරම්භ කරන බව, මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව පවසයි.

කථානායවරයා විසින් පත් කළ කමිටුවේ සභාපති ලෙස පත් කෙරුණේ, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා වන අතර ,ඒ පිළිබඳ විමර්ශනය කර ලබන 7 වැනි දා කතානායකවරයාට වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අජිත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිලිපීනයත් ට්‍රම්ප්ගේ බද්ද 19% දක්වා අඩුකරගනී !

පිලිපීනයත් සමග නව වෙළඳ ගනුදෙනුවට පිවිසෙමින් එරටට පැනවූ තීරුබද්ද...

ජපානය එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 550 ක් ආයෝජනය කරන විට ට්‍රම්ප් තීරුබදු 15% දක්වා අඩු කරයි

සටහන: සශිකලා මධුෂාණි ජුලි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මාස ගණනාවක් තිස්සේ...

විජමුගෙන් ඉගෙනගමු !

මහින්ද ජයසිංහ නියෝජ්‍ය ඇමතිවරයා හාන හෑවිල්ලට මට මතක් උනේ...