බුසාන් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය “පැරඩයිස්” වෙනුවෙන් LNW වෙතින් ප්‍රසන්නට උපහාරයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2023 බුසාන් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය සඳහා වන කිම් ජිසොක් සම්මානය “පැරඩයිස්” චිත්‍රපටය වෙනුවෙන්” දිනා ගනිමින් ප්‍රසන්න විතානගේගේ මහතාගේ ‘පැරඩයිස්’ චිත්‍රපටය ඉතිහාසගත විය.

මෙම අති විශිෂ්ඨ ජාත්‍යන්තර සම්මානය දිනා ගැනීම වෙනුවෙන් LNW විසින් ප්‍රකට චිත්‍රපට අධ්‍යක්‍ෂක ප්‍රසන්න විතානගේ මහතා වෙත උපහාර උත්සවයක් පැවැත්වීය.

ඒ අනුව, මෙම උත්සවය ඊයේ (20) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුණු අතර , එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු කථානායක සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ (NMSJ) සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා සහභාගි විය.

ශ්‍රී ලාංකේය සිනමාවේ තුන්වන පරම්පරාවේ පුරෝගාමියෙකු වන විතානගේ මහතා ශ්‍රී ලාංකේය සිනමාව ගෝලීය තලයට ගෙන ඒම සඳහා දරන නොපසුබස්නා උත්සාහය පිළිබඳ හිටපු කථානායකවරයාගේ ගෞරවයට පාත්‍ර විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති සහ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා , හිටපු සෞඛ්‍ය අමාත්‍ය පා.ම. (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, ශ්‍රී ලංකා ඉඩම් ලියාපදිංචි කිරීමේ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා, පීපල්ස් ලීසිං ආයතනයේ සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා, LNW Media Network හි කළමනාකාර කර්තෘ චන්දිම විතානආරච්චි මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය. LNW Media Network හි කර්තෘ කාර්ය මණ්ඩලය ද මේ සුවිශේෂී කටයුත්ත වෙනුවෙන් සහභාගි වී සිටියහ.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

https://www.readphotos.com/photo-stories/615/LNW%20honours%20Prasanna%20Vithanage%20for%20winning%20best%20picture%20for%20Paradise

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW: ඉකුත් වර්ෂයේ සූරතාවය දිනා...

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...

සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...