*
Tuesday, October 22, 2024
spot_img

Latest Posts

අශේන්ගෙන්,තරුශිගෙන් සහ තරිණිගෙන් වාර්තා පොකුරු

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 22, (LNW) කොළඹ :

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ සිව්වන දිනය නිමාවන විට නව තරග වාර්තා 18 ක් වාර්තා වී තිබෙනවා.ඒ අනුව ක්‍රීඩක වාර්තා නවයක් සහ ක්‍රීඩිකාවන්ගේ වාර්තා නවයක් අලුතින් වාර්තා පොතට එක්වී තිබෙනවා.

මේ වාර්තා නවයේ දී කොළඹ ගේට්වේ විද්‍යාලයේ අශේන් තෙවරප්පෙරුම සිය නම අලුතින් ලියවෙන ලද වාර්තා තුනකට ඇතුළත් කර ගැනීමට සමත් වෙනවා.එසේම ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසල නියෝජනය කරන වත්මන් යොවුන් මැදි දුර දිවීමේ සූරිය තරුශි අභිශේකා දෙවරක් ද,ගම්පහ රතු කුරුස විද්‍යාලයේ තරිණි නිර්මිණා දෙවරක්ද සිය නම් නව වාර්තාවන් ඉදිරියේ ඇතුළත් කර ගන්නට සමත් වී තිබෙනවා.

ඒ අතරින් නිර්මිණාගේ නම අවුරුදු 16 න් පහළ බාලිකා මීටර් 100 ඉසව්වේ වාර්තාව ලෙස එක් වරක් දකින්නට තිබුණත්, අවසන් පූර්ව තරගයේදී සහ අවසන් තරගයේ දී ලෙස දෙවරක් අලුත් කිරීමත් කැපී පෙනෙනවා.

මේ වන විට තබා ඇති නව වාර්තා සහ ඒවායේ හිමිකරුවන් පහතින් දක්වා තිබෙනවා.
පිරිමි
මීටර් 100 14 න් පහළ බාලක 11.82 තත්. අශේන් තෙවරප්පෙරුම ගේට්වේ විද්‍යාලය – කොළඹ .
2 උස පැනීම 14 න් පහළ බාලක 1.76 M අශේන් තෙවරප්පෙරුම ගේට්වේ විද්‍යාලය – කොළඹ
3 දුර පැනීම 14 න් පහළ බාලක 6.23 M අශේන් තෙවරප්පෙරුම ගේට්වේ විද්‍යාලය – කොළඹ .
4 800M 16 න් පහළ බාලක 1:58.62 මිනි G.D.L අචින්ත ශාන්ත ඇලෝසියස් විද්‍යාලය
5 4X400M 16 න් පහළ බාලක 3:25.53 මිනි ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය
6 මීටර් 200 18 න් පහළ බාලක 21.42 තත්. විමංසා රාජකරුණා ශාන්ත ජෝෂප් වාස් විද්‍යාලය – වෙන්නප්පුව
7 මීටර් 400 18 න් පහළ බාලක 46.85 තත්. ඔමෙල් ශෂින්ත ශාන්ත සෙබස්තියන් විද්‍යාලය – කදාන
8 මීටර් 800 18 න් පහළ බාලක 1:52.00 Min H D ශවිඳු අවිශ්ක ධම්මිස්සර ත: ස: – නාත්තන්ඩිය .
9 වෙඩි තැබීම 18 න් පහළ බාලක 17.15 M H.U ජයසිංහ ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය
ගැහැණු
1M 100 16 න් පහළ බාලිකා 12.45 තත්. තරණි නිර්මිනා හෝලි ක්‍රොස් විද්‍යාලය – ගම්පහ
2 මීටර් 200 16 න් පහළ බාලිකා 25.41 තත්. තරණි නිර්මාණ හෝලි ක්‍රොස් විද්‍යාලය – ගම්පහ
3 දුර පැනීම 16 න් පහළ බාලිකා 5.94 දිල්නි නෙත්සලා.රාජපක්ෂ ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල
4 මීටර් 100 18 න් පහළ බාලිකා 12.19 තත්. එල්. ධනංජනා සෙව්මිණි ප්‍රනාන්දු ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල
5 මීටර් 800 18 න් පහළ බාලිකා 2:11.00 එම්.ජී. තරුෂි අභිෂේකා වික්‍රමබාහු ජාතික පාසල, ගම්පොල
6 මීටර් 1500 18 න් පහළ බාලිකා 4:29.97 එම්.ජී තරුෂි අභිෂේකා වික්‍රමබාහු ජාතික පාසල, ගම්පොල
7 තුන් පිම්ම 18 න් පහළ බාලිකා 12.17 ඩිල්කි නෙහාරා ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය. -කළුතර
8 4X100M 18 න් පහළ බාලිකා 49.03 ලයිසියම් ජාත්‍යන්තර පාසල වත්තල
9 4X400M 20 න් පහළ බාලිකා 3:53.35 ලයිසියම් ජාත්‍යන්තර පාසල වත්තල
ගෙවුණු ශ්‍රීමත් ජොන් ටාබට් උළෙලේ දක්ෂතා දැක් වූ ඇතැමුන් මෙම තරගාවලියේ දී දක්ෂතා අතරින් පහළට වැටෙන තත්ත්වයක් දකින්නට ලැබෙනවා.සමහර විට එම ක්‍රීඩා උළෙලේ දක්ෂතා ඉලක්ක කර ගනිමින් කීයා කිරීම නිසා මේ වන විට දක්ෂතා යම් පහළ වැටීමක් නිසා ද එය සිඳු විය හැකියි.එසේම රටේ පවතින අයහපත් දේශගුණික තත්ත්වයන් නිසා පුහුණු අතපසුවීම්වලින් ද මේ තත්ත්වය ඇති විය හැකියි.එසේම උසස් පෙළ විභාගය ආසන්නව පවතින් නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි නොවීමේ ලක්ෂණ ද,ක්‍රීඩාවට ඇති වානිජමය ආකර්ශණය අඩු වීමෙන් ඊට උනන්දු වන පිරිස අඩු වීහස මෙවැනි තත්ත්වයක අනුමාන කළ හැකි කාරණා වෙනවා.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan