අද සිට විදුලි කප්පාදුවක් නොමැත..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW :

පසුගිය දිනවල දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීමක් හේතුවෙන් දෛනික විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට සිදුවිය.

මේ නිසා රටේ විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීම සඳහා ජනතාවගේ සහයෝගය ඇතිව දින තුනක කාලයක් පුරා විදුලි සැපයුම සීමා කෙරුණි.

කෙසේ වෙතත්, නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ දෙවන ජනන ඒකකය යළිත් පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබේ.

ඒ අනුව, අද(22) දින සිට විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති අතර සාමාන්‍ය පරිදි විදුලි සැපයුම ලබා දීමට හැකි වී ඇත.

මෙම අපහසුතා මඟහරවා ගැනීමට සහය දැක්වූ මහජනතාවට ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම සිය ස්තූතිය ප්‍රකාශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් දමයි!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ප්‍රධාන ජලාශ...

ළමා හෘද රෝගීන් 13කට ‘Take Heart Mercy Mission’ විදෙස් වෛද්‍ය කණ්ඩායම වෙතින් හෘද සැත්කම්..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ගාල්ල කරාපිටිය ජාතික...

හමුදාව භාරයේ තිබූ මුලතිව් අක්කර 6කට වැඩි භූමියක් ජනතා පරිහරණයට!

කොළඹ LNW:ආරක්ෂක අංශ පරිහරණය කරමින් තිබූ මුලතිව් කෙප්පාපිලව් ප්‍රදේශයේ...