නව ‘වෝග්(Vogue)’ එකතුව සමඟ amanté සිය 10 වැනි සංවත්සරය සමරයි!

Date:

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):
මෙම ඔක්තෝම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමීප ඇඟලුම් සන්නාමය වන amanté, කොළඹ තුරඟ තරඟ පිටියේ සිය ප්‍රමුඛතම කඩ සාප්පුවේ 10 වන සංවත්සරය සහ රට තුළ වසර 11 ක සන්නාම පැවැත්මක් සමරයි.

ඒ වෙනුවෙන් සන්නාමය තෝරාගත් අමුත්තන් සහ ප්‍රමුඛ පෙළේ විලාසිතාවන්ට ඇලුම්කරන්නන් සඳහා සුවිශේෂී උත්සවයක් පැවැත්වීය.

මෙයට amanté ගේ සන්නාම තානාපති යුරේනි නොෂිකා ද ඇතුළත් ය. මෙම උත්සවයේදී විලාසිතා දැක්මක් ප්‍රදර්ශනය කරන ලද අතර, amanté ගේ නව සංවත්සර එකතුව වන ‘Vogue’ එළිදැක්වීම ද සිඳු කෙරේ.

පසුගිය දශකය තුළ, amanté එහි හැඩකාර, නවීන සහ ගුණාත්මක යට ඇඳුම් සඳහා කීර්තියක් ගොඩනගා ගෙන ඇත. මෙම සැමරුමේදී දියත් කරන ලද ‘වෝග්(Vogue)’ එකතුව එළඹෙන උත්සව සමයට සමගාමීව නිර්මාණය කර ඇත.

අලංකාර ලේස් යොදා ගනිමින් විවිධ වර්ණ මාලාවක් හරහා ‘වෝග්(Vogue)’ නව නිර්මාණ 8ක් ප්‍රදර්ශනය කරයි. සෑම නිමැවුමක් ම වත්මන් ගෝලීය ප්‍රවණතා පිළිබිඹු කරන අතරම දකුණු ආසියාතික කාන්තා ස්වරූපයට අනුව සකස් කර ඇත.

amanté Lanka හි අලෙවිකරණ ප්‍රධානී Eshara Samuel, විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් සහ හවුල්කරුවන් වෙත සිය කෘතඥතාව පළ කළ අතර, ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය සන්නාමයේ වර්ධනයට හේතු වූ බව පසක් කළාය. නිහතමානී ගමනක ආරම්භයේ සිට වර්තමාන සාර්ථකත්වය දක්වා වූ ඔවුන්ගේ ගමන ඇය අවධාරණය කළ අතර අනාගතය සඳහා ඔවුන්ගේ අභිලාෂකාමී සැලසුම් ද ඉස්මතු කළාය.

amanté සිය පළමු වෙළඳසැල 2012 දී කොළඹ තුරඟ තරඟ පිටියේ විවෘත කළේය. එතැන් සිට, එය ගුණාත්මක කාන්තා ඇඳුම් සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පුරා තම සන්නාමය ඔවුන් ගෙන ගියහ. මුලදී සීමිත නිෂ්පාදන පරාසයක සිට නිදි ඇඳුම්, ඇඟ හැඩ කරන ඇඳුම්, පිහිනුම් ඇඳුම් සහ වඩාත් මෑතදී, Athleisure දක්වා පුළුල් කර ඇත.

එහි 10 වන වසර තුළ, amanté විසින් ශ්‍රී ලංකාව පුරා මෙන්ම රට පුරා වෙළඳසැල් 200 කට අධික සංඛ්‍යාවක තම සන්නාමය ගෙනගොස් ඇත.

සිය 10 වැනි සංවත්සරය තවදුරටත් සනිටුහන් කිරීම සඳහා, amanté සිය සියලුම වෙළඳසැල් හරහා සහ www.amante.lk අන්තර්ජාල වෙළඳසැල හරහා මාසය පුරා විශේෂ ප්‍රවර්ධන පිරිනමමින් සිය පාරිභෝගිකයින්ට උත්සවවලට සහභාගී වීමට ද ඉඩ සලසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...