*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

ජනපති ප්‍රධානත්වයෙන් ජාතික මීලාදුන් නබි උත්සවය මන්නාරම දී!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙම ජාතික මීලාදුන් නබි උත්සවය සංවිධානය කර තිබුණු අතර, උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව මුස්ලිම් ආගමික සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විතව මහත් හරසරින් පිළිගනු ලැබීය.

ජාතික මීලාදුන් නබි සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය අෂේක් බී. නිහමතුල්ලාහ් මව්ලවිතුමා විසින් සිදු කරන ලද අතර, ජාතික මීලාදුන් නබි සැමරුම 2023 වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් ද නිකුත් කෙරුණු අතර තැපැල්පති රුවන් සත්කුමාර මහතා විසින් එහි පළමු මුද්දරය සහ මුල්දින කවරය ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

ජාතික මීලාදුන් නබි සැමරුම වෙනුවෙන් නිකුත් කරන ලද විශේෂ සමරු කලාපය සහ “මන්නාරම දිස්ත්‍රික් ඉතිහාසය” ග්‍රන්ථය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

නබිනායකතුමාගේ උපන්දින සැමරුමට සමගාමීව පැවැත්වූ නිර්මාණ තරගවලින් ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ට ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම ද සිදු කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී දැක්වූ අදහස්,

” අද අපි නබි නායකතුමාගේ උපන්දිනය සමරනවා. මම මන්නාරම දිස්ත්‍රික්කයට පැමිණ සහභාගිවන දෙවන ආගමික උත්සවය මෙයයි. මාස කිහිපයකට පෙර අපි මඩු පල්ලියේ පැවති උත්සවයට සහභාගී වුණා.

මෙම උත්සවය උත්කර්ෂවත්ව සංවිධානය කිරීම පිළිබඳ මම ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙත ස්තූතිවන්ත වෙනවා.

මෙම උත්සවය වගේම නව පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරීම, නිවාස ව්‍යාපෘති ආදි සංවර්ධන වැඩසටහන් මෙහි ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම සංවර්ධනය මන්නාරම දිස්ත්‍රික්කයට අවශ්‍යයි. මෙම ප්‍රදේශය යුද්ධයෙන් හානි වූ ප්‍රදේශයක්. ඒ නිසා මෙම ප්‍රදේශවල අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරගෙන යනවා.

විශේෂයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ මාර්ග ඉදිකිරීම පිළිබඳ අපි සාකච්ඡා කරගෙන යනවා. ඇමතිතුමා මට එය පාර්ලිමේන්තුවේදීත් මතක් කරනවා.

විශේෂයෙන් මේ ප්‍රදේශයේ නිවාස ඉදිකිරීම වගේම මෙහි අධ්‍යාපනය දියුණු කළයුතුව තිබෙනවා. මන්නාරම නගරයේ අධ්‍යාපනය යහපත් මට්ටමක තිබෙනවා. නමුත් දිස්ත්‍රික්කයේ අනෙක් ප්‍රදේශවල අධ්‍යාපනය පිළිබඳ සෑහීමකට පත් වෙන්න බැහැ.

ඒ වගේම මේ ප්‍රදේශයේ විශාල සංවර්ධන වැඩසටහනක් අප සැලසුම් කර තිබනවා. දැනටමත් ඉන්දියාව සහ මන්නාරම අතර මුහුදු මාර්ගයෙන් ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට කටයුතු කරගෙන යනවා. අපි කංකසන්තුරේ එය ආරම්භ කළා. ඊළඟට තලෙයිමන්නාරමේ එය ආරම්භ කරනවා. ඒ සමඟම ඉන්දියාව සහ ලංකාව එක්ව විදුලිබල පද්ධතිය දියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා. එය සිදුවන්නෙත් මෙම මන්නාරම හරහා බව මම කියන්න කැමතියි.

මෙය ආරම්භය පමණයි. මේ සමඟ ඉදිරියේ දී මන්නාරම දියුණු වෙනවා. විශේෂයෙන්ම මෙම ප්‍රදේශයේ හරිත ආර්ථිකය සහ හරිත බලශක්තිය සඳහා ඉහළ විභවයක් පවතිනවා. මෙහි තිබෙන සූර්ය බලයෙන් මෙම ප්‍රදේශය දියුණු කළ හැකියි. පුත්තලමේ සිට මන්නාරම යාපනය අර්ධද්වීපය හරහා මුලතිව් වන තෙක් එම හැකියාව තිබෙනවා. එසේම මෙහි කේන්ද්‍රස්ථානය බවට පුනරින් නගරය පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපි මන්නාරම සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අපේක්ෂා කරනවා. ඒ හා සමගාමීව ධීවර කර්මාන්තය දියුණු කළ විට මෙම මන්නාරමට අලුත් ආර්ථිකයක් ලැබෙනවා.

අද අප මෙතනට පැමිණ සිටින්නේ නබි නායකතුමා සිහිපත් කිරීම සඳහායි. නබි නායකතුමා දේශනා කළ එම ධර්මය තමයි අද ලංකාවේ තිබෙන්නේ. ඒ නිසා අප මෙම උත්සවය ජාතික උත්සවයක් ලෙස සළකනවා.

අපේ ප්‍රතිපත්තිය සෑම ආගමකටම සමානව සැලකීමයි. ඒ වගේම සෑම කෙනෙකුටම සමාන අයිතිවාසිකම් ලබාදීම අපේ අරමුණයි. මෙහි සිටින මුස්ලිම් ජනතාවට යම් යම් ගැටලු තිබෙනවා. ඒවා විසඳීමටත් ආණ්ඩුව කටයුතු කරන බව මම මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි. මම භාරගත්තේ බංකොළොත් රටක්. අපි තවම එම බංකොළොත්භාවයෙන් ගොඩඑමිනුයි සිටින්නේ. එම නිසා එම වැඩකටයුතු අපි ක්‍රමානුකූලව කරගෙන යමු.

නබි නායකතුමාගේ ඉස්ලාම් ධර්මය අද මොරොක්කෝවේ සිට ඉන්දුනිසියාව දක්වා අප්‍රිකාවේ, යුරෝපයේ මේ සෑම තැනම පැතිරී තිබෙනවා.

නබිනායකතුමා මෙම ධර්මය දේශනා කරද්දි ඒ ප්‍රදේශයේ ක්‍රිස්තියානු යුදෙව්වන් සියලුදෙනා ජීවත් වුණා. ප්‍රශ්න තිබුණේ නැහැ. නමුත් අද එහෙම නොවයි විශාල ප්‍රශ්න තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය සිකුරාදා පලස්තීන ප්‍රශ්නය පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාද කළා. ඊට ප්‍රථම ආණ්ඩුවත් අදහස් ප්‍රකාශ කර තිබුණා. පාර්ලිමේන්තුවේත් අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

ගාසා තීරයට ආහාර ලොරි 20 ගෙන ගොස් තිබෙන බව අපට අහන්න ලැබුණා. නමුත් එය ප්‍රමාණවත්ද යන ප්‍රශ්නය මතු වෙනවා.

ඊශ්‍රායල – හමාස් සටන නිසා ගාසා තීරයේ පලස්තීන ජනතාව සිර වී සිටිනවා. එම ජනතාව දුක් විඳීම අප අනුමත කරන්නේ නැහැ. එම ජනතාවට අවශ්‍ය ආහාර ලබා දෙන්න කියා අප ඉල්ලා සිටිනවා. ඊශ්‍රාලය පැත්තෙන් පමණක් නොවෙයි ඊජිප්තුව පැත්තෙනුත් එම ආහාර සපයා දිය යුතුයි. ඒ වගේම ජලය ලබා දිය යුතුයි.

ඊශ්‍රායල – හමාස් සටන එක ප්‍රශ්නයක්. නමුත් මෙම අරගලයේ දී සාමාන්‍ය පලස්තීන ජනතාව ඊට ගොදුරු නොවිය යුතුයි. ඒ නිසා එය විසදාගැනීමට ඊජිප්තුව ඇතුළු අරාබි රටවල් පියවර ගනිමින් සිටිනවා. එසේම අනෙක් රටවල් ඒ සඳහා එකඟ වී තිබෙනවා. විශේෂයෙන්ම මෙම ප්‍රශ්නය විසඳලා එම ප්‍රදේශවල සාමය ඇති කිරීමට එක්සත් ජාතින්ගේ මණ්ඩලයේ මහලේකම්වරයා ගෙන යන කටයුතුවලට අපේ සම්පූර්ණ සහාය ලබාදෙන බව මම සඳහන් කරන්න කැමතියි. එසේම පලස්තීන රජයකුත් බිහි වීමට අවශ්‍ය බව ප්‍රකාශ කළයුතුයි”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (22) පෙරවරුවේ මන්නාරම මුසලි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති ජාතික මීලාදුන් නබි උත්සවය අමතමිනි.

සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, උතුර පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාර්ල්ස්, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තිලීපන්, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.එම්. ෆයිසල් යන මහත්වරුන් ද, මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයන්, තානාපතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, පාසල් දරු දැරියන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan