මහ කන්නයේ වී වගාව සඳහා රුපියල් ලක්ෂයක රක්ෂණාවරණයක්!

Date:

කොළඹ LNW:2025/26 මහ කන්නයේ වී වගාව සඳහා කෘෂිකාර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් රුපියල් ලක්ෂයක රක්ෂණාවරණ හිමිවන බව එම මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් අධ්‍යක්ෂ රජීව කුලරත්න මහතා පැවසීය.

රුපියල් ලක්ෂයක රක්ෂණාවරණයක් සඳහා අක්කරයකට ගෙවිය යුතු වන්නේ 6.4%ක් එනම් රුපියල් 6400ක මුදලක් යැයි ද ඒ මහතා කීවේය.

මහ කන්නයේ වී වගාව මෙන්ම අනිකුත් භෝග සඳහා ද සිය මණ්ඩලයේ අනුමැතිය මත රක්ෂණයක් හිමිවන බවත් ඒ සම්බන්ධ තොරතුරු එම මණ්ඩලයේ ප්‍රාදේශීය නිලධාරීන් විසින් ලබා දෙන බවත් හෙතෙම සඳහන් කරන ලදී.

වී වගාවට අමතරව මහනුවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක ආරක්ෂීත ගෘහ තුළ වගාව, මිනිපේ කෙසෙල් ව්‍යාපෘතිය ආදිය ද මෙම රක්ෂණයට ඇතුළත් කළ හැකි යැයි ද කුලරත්න මහතා පැවසුවේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදීය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...